ඉන්දියාව මතභේදාත්මක පුරවැසි පනත(CAA) ක්‍රියාත්මක කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 12,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මුස්ලිම් විරෝධී බවට විවේචනයට ලක්ව ඇති මතභේදාත්මක පුරවැසි සංශෝධන පනත (CAA) ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය සැළසුම් කර ඇති බව වාර්තා වේ.

මෙම පනත මඟින් පකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල මුස්ලිම් නොවන ආගමික සුළුතරයන්ට පුරවැසිභාවය ලබා ගැනීමට අවස්ථාව සැලසෙන අතර ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සුදුසුකම් ඇති අයට දැන් ඉන්දියානු පුරවැසිභාවය සඳහා අන්තර්ජාලය හරහා අයදුම් කළ හැකි බවයි.

මෙම පනත ක්‍රියාත්මක කිරීම මෝදිගේ පාලක හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ (BJP) ප්‍රධාන ඡන්ද පොරොන්දුවලින් එකක් වන අතර නව නීතියට අනුව, පුරවැසිභාවය අපේක්ෂා කරන්නන් 2014 දෙසැම්බර් 31 වන විට පකිස්ථානය, බංග්ලාදේශය හෝ ඇෆ්ගනිස්ථානයේ සිට ඉන්දියාවට පැමිණි බව ඔප්පු කළ යුතුය.

එනමුත් ශ්‍රී ලංකාවෙන් දෙමළ සරණාගතයින් සහ චීනයේ පාලනයෙන් පලා යන ටිබෙට් බෞද්ධයන් ඇතුළු මුස්ලිම් නොවන රටවලින් ඉන්දියාවට හිංසා පීඩාවලින් පලා යන සංක්‍රමණිකයන්මෙන්ම අසල්වැසි මියන්මාරයේ සිට පැමිණෙන රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින් ද එහි ආගමන නීතිවලට ඇතුළත් නොවේ.

මෙම නීතිය 2019 දී සම්මත කරන ලද අතර මාරාන්තික ප්‍රචණ්ඩත්වය පුපුරා යාමෙන් 100 කට වැඩි පිරිසක් මියයාම, තවත් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගත් මහජන විරෝධතා ඇවිලී යාමත සමඟ එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද විය.

මේ වන විටත් මෙම පනතට විරෝධය දක්වමින් ඉන්දියාවේ ඇසෑමය, දකුණු දිග කේරළ ප්‍රාන්තයේ පාලක ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය ප්‍රාන්තය පුරා විරෝධතා ව්‍යාපාර කැඳවා ඇති අතර එම ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය පිනරායි විජයන් කියා සිටියේ මෙම පනත බලාත්මක කිරීම මඟින් ජනතාව බෙදීමට, වාර්ගික හැඟීම් අවුලුවාලීම සිදු කරන බවත්, තම ප්‍රාන්තයේ එය ක්‍රියාත්මක නොවන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...