පොලිස් තනතුරකට උසස්වීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 12, කොළඹ (LNW):ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල මහතාව උසස් කර තිබෙන බව වාර්තා වේ.

මාතර දෙයියන්දර ජාතික පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය පන්ති සාමාර්ථයක් ද සහිතව සමත් වී 2001.02.01 දින ආධුනික සහකාර පොලිස් අධිකාරි වරයෙක් වශයෙන් ශ්‍රී ලංකා පොලිසියට එක් වී ඇත.

කොළඹ, කුලියාපිටිය, වවුනියාව, තංගල්ල, ආදී ප්‍රදේශවල හා පොලිස් විශේෂ කාර්‍යාංශය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය ආදි කොට්ඨාශවල සේවය කර ඇත. මොහු 2007 වර්ෂයේ දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ද හිමි කරගෙන තිබේ.

ඇ.එ.ජ., ඕස්ට්‍රේලියාව, ජපානය, සිංගප්පූරුව, මහා බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය, ඔස්ට්‍රියාව, අසර්බයිජානය, බ්‍රසීලය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, රුසියාව ආදී රටවල පුහුණු පාඨමාලා, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදියට සහභාගී වෙමින් ජාත්‍යන්තර අත්දැකීම් රැසක් ලබා ඇත.

2013 වර්ෂයේ දී වසරක කාළයක් දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක පොලිස් සේවයේ ද රාජකාරි කර ඇත.

පොලිස් සේවය තුළ දී මේ දක්වා පොලිස් දක්ෂතා පදක්කම ඇතුළු පදක්කම් 9 ක් දිනාගෙන ඇත. අවස්ථා 10 ක දී පොලිස්පති ප්‍රශංසා හිමි කර ගෙන ඇත. මොහු සේවය කළ සේවා ස්ථාන අවස්ථා කිහිපයක ම ජාතික ඵලදායීතා සම්මානයෙන් පිදුම් ලබන්නට අවශ්‍ය නායකත්වය ලබා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 7ක වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සබරගමුවේ හිටපු මහමාර්ග හා ක්‍රීඩා ඇමති රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගත් සබරගමුව පළාත් සභාවේ හිටපු...

රාජ්‍ය සේවකයන්ගේ කරපිටින් රජ පුටුවලට පැමිණි මාලිමා නායකයින් අද රාජ්‍ය සේවකයා අනාථ කරලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජය බිහි කරන්නට දැවැන්තම ජන...

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...