පොලිස් තනතුරකට උසස්වීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 12, කොළඹ (LNW):ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල මහතාව උසස් කර තිබෙන බව වාර්තා වේ.

මාතර දෙයියන්දර ජාතික පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය පන්ති සාමාර්ථයක් ද සහිතව සමත් වී 2001.02.01 දින ආධුනික සහකාර පොලිස් අධිකාරි වරයෙක් වශයෙන් ශ්‍රී ලංකා පොලිසියට එක් වී ඇත.

කොළඹ, කුලියාපිටිය, වවුනියාව, තංගල්ල, ආදී ප්‍රදේශවල හා පොලිස් විශේෂ කාර්‍යාංශය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය ආදි කොට්ඨාශවල සේවය කර ඇත. මොහු 2007 වර්ෂයේ දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ද හිමි කරගෙන තිබේ.

ඇ.එ.ජ., ඕස්ට්‍රේලියාව, ජපානය, සිංගප්පූරුව, මහා බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය, ඔස්ට්‍රියාව, අසර්බයිජානය, බ්‍රසීලය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, රුසියාව ආදී රටවල පුහුණු පාඨමාලා, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදියට සහභාගී වෙමින් ජාත්‍යන්තර අත්දැකීම් රැසක් ලබා ඇත.

2013 වර්ෂයේ දී වසරක කාළයක් දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක පොලිස් සේවයේ ද රාජකාරි කර ඇත.

පොලිස් සේවය තුළ දී මේ දක්වා පොලිස් දක්ෂතා පදක්කම ඇතුළු පදක්කම් 9 ක් දිනාගෙන ඇත. අවස්ථා 10 ක දී පොලිස්පති ප්‍රශංසා හිමි කර ගෙන ඇත. මොහු සේවය කළ සේවා ස්ථාන අවස්ථා කිහිපයක ම ජාතික ඵලදායීතා සම්මානයෙන් පිදුම් ලබන්නට අවශ්‍ය නායකත්වය ලබා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...