පිරමීඩ ජාවාරමක් සම්බන්ධ තිදෙනෙකුට රතු නිවේදන!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 12, කොළඹ (LNW): ඔන්මැක්ස් ඩී. ටී. පුද්ගලිකසමාගමේ සභාපති සෑම් බස්නායක ඇතුළු තිදෙනකුට රුපියල් කෝටි ගණනක මහා පරිමාණ පිරමීඩ ජාවාරමක් කළැයි චෝදනා එල්ල වී තිබෙන අතර, ඔවුන් ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කිරීමට අධිකරණය විවෘත වරෙන්තුවක් ඊයේ (11 වැනිදා) නිකුත් කර ඇත.

අදාළ පිරමීඩ ජාවාරමේ මහ මොළකරුවකු බව කියන ජෝර්ජියානු ජාතික කකබර් අස්ලානිස් විලීස් නමැති අය සහ පිරමීඩ නඩුවේ 06 වන සැකකරු ලෙස නම්කර අධිකරණයට ඉදිරිපත් කර ඇප ලැබීමෙන් අනතුරුව මෙරටින් පලා ගොස් තිබෙන ඔන්මැක්ස් ඩී.ටී. පෞද්ගලික සමාගමේ වෙබ් අඩවිය නිර්මාණය කරන ලද ‘‘වී ටෙක්’’ මෘදුකාංග ආයතනයේ හිමිකරුවන මෘදුකාංග ඉංජිනේරු ගයාන් චාමර වික්‍රමතිලක යන දෙදෙනාද ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කිරීමට අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කළ බව පැවසේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද ඉල්ලීමක් මත කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් එම නියෝග නිකුත් කළ අතර, අදාළ විවෘත වරෙන්තු ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියම කර ඇත.

මෙම මහා පරිමාණ පිරමීඩ ජාවාරම ඉකුත් 2022 වසරේ සිට කර තිබෙන බවත්, මෙම ඔන්මැක්ස් ඩී. ටී. පුද්ගලික සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කළ මූල්‍ය ආයතනයක් ලෙස නම්කර පුවත්පත්වල දැන්වීම් පළ කිරීමෙන් අනතුරුවද දිගින් දිගටම පිරමීඩ ජාවාරම කර ඇතැයිද පොලිසිය අධිකරණයට දන්වා සිටි බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...