ඇන්ටික් කඩයක මරණයක් : එකම ගඟට දෙපාරක් බහින්න බැහැ !

Date:

ඇන්ටික් කඩයක මරණයක් නාට්‍යය දැන් ‍ නැහැ. කොහෙද ඒ නාට්‍යය තිබුණේ? ඒක මං ළඟ තිබුනද? එහි රඟපාන නළු නිළියන් ගාවා තිබුනද? සංගීත කන්ඩායම ළඟ තිබුනද? සෙට් ගහපු, ඇඳුම් අන්දපු අය ළඟ තිබුනද? නරඹපු ප්‍රේක්ෂකයෝ ළඟ තිබුනද? නැහැ. ජනක ඉනිමංකඩ ගහපු නාට්‍යය පිටපත ඇතුලේ තිබුනද? ඒත් නැහැ. එහෙනම් කා ළඟද , කොහෙද තිබ්බෙ?

අහවල් ස්ථානයේ, අහවල් දවසේ, අහවල් වෙලාවට ඒක තියෙනවා කියලා දැනුම් දුන්නට පස්සේ එදාට ඒ වෙලාවට ශාලාවට රැස්වන ප්‍රේක්ෂක සමූහයක් ඉදිරිපිට මැවෙනවා. ආයෙත් අතුරුදහන් වෙනවා. එච්චරයි. ඊට පස්සේ නාට්‍යය ‍නැහැ . වෙන කිසිම කලා මාධ්‍යයක නැති, වේදිකා නාට්‍ය රංගනයක පමණක් විඳින්න ලැබෙන ආශ්චර්යමත් අත්දැකීම ඒකයි.

මේ විදිහට ඇන්ටික් කඩේක මරණයක් ප්‍රේක්ෂක සමූහයක් ඉදිරියේ මැවිලා අතුරුදහන් වුනු වාරයක් වාරයක් ගානේ මැවුනේ එකම නාට්‍යම නෙවෙයි . වෙනස් වෙනස් නාට්‍ය. ප්‍රේක්ෂකයා හිනාවෙන , හැඟීම්බර වෙන, කම්පාවන විදිහ අනුව නාට්‍යය වෙනස් වෙනවා. මේ නාට්‍යා රඟ දක්වපු හැම දර්ශනයක්ම නරඹපු ප්‍රේක්ෂකයෝ මට හම්බ වුණා. අන්තිම දවස් දෙකේම රඟහල පිරිලා ඉතිරිලා ගියේ අඩුම තරමින් දෙපාරක්වත් බලපු අයගෙන්. ඒත් ඒ එක්කෙනෙකුටවත් තමන් කලින් බලපු නාට්‍යය බලන්න ලැබුණේ නැහැ.

එකම ගඟට දෙපාරක් බහින්න බැහැ. !

ඇන්ටික් කඩේ මරණයක් නාට්‍යය ඉවර වුණා කියලා කියන්නේ ආයෙ කවදාවත් ප්‍රේක්ෂක සමූහයක් ඉදිරිපිට මැවිලා අතුරුදහන් වන්නේ නැති නිසා. එහෙම දෙයක් තිබුණු බවට මතකයන් facebook එකේ, you tube එකේ, පත්තරවල, රේඩියෝවල, එක එක්කෙනා ගත්ත ඡායාරූප වල ඉතුරු වෙලා තියෙනවා.

ඒ මතකයන් තුරුලු කරගෙන අපි සමුගන්නවා. ඉතින් ආයුබෝවන් !

~ අසෝක හඳගම FB

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...