නාමල්ගේ ක්‍රිෂ් නඩුවට දුන් නියෝගය!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැකකරුවෙක් ලෙස නම්කරමින් පවරා තිබෙන ක්‍රිෂ් නඩුවට අදාළව විමර්ශන අවසන් ද නද්ද යන්න පිළිබඳ අධිකරණයට දැනුම් දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (12) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට නියෝග‍ කර තිබේ.

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70 ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්ෂට එරෙහිව එම නඩුව පවරා ඇත.

එම නඩුවට අදාළ නඩු ගොනුව මහාධිකරණයට යොමු කර ඇති බැවින් පරිශීලනය කිරීමට නඩු ගොනුව නොමැති බවත් ලබන මාර්තු මස 26 දින වාර්තාවක් ගොනු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කරනු තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...