වෙට්ටුදාන පොලිස්පති හොයන්න ඕනේ නම් මෙන්න ක්‍රමය!

Date:

කොළඹ LNW:පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව විසින් ගොණු කර තිබෙන රීට් පෙත්සම මඟින් ඔහුව සොයා ගත හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නිසාම් කාරියප්පර් මහතා පවසයි.

අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොණු කිරීමේදී තෙන්නකෝන් මහතා සාම විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ දිවුරුම් ප්‍රකාශයක් දිය යුතු බැවින් මෙම පෙත්සම ඔස්සේ ඔහු සිටින ස්ථානය තීරණය කිරීම අපහසු නොවන බවයි කාරියප්පර් මහතා සඳහන් කරන්නේ.

“අභියාචනාධිකරණයට රිට් ඉල්ලීමක් ඉදිරිපත් කරන්න නම් දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙන්න ඕනෑ. සාම විනිශ්චයකරු ඉදිරියේ තමයි ලබා දෙන්නේ, දැන් ඒ ලේඛන ඔක්කොම අධිකරණයේ තියෙනවා. පොඩ්ඩක් හොයලා බැලුවානම් ඔය සාම විනිශ්චයකාරතුමාගේ නම් මේ වෙට්ටුදාන පොලිස්පති තුමා අල්ලගන්න පුළුවන්.” යනුවෙන් කාරියප්පර් මහතා කියාසිටියි.

කාරියප්පර් මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...

ලයින් කාමර වෙනුවට තනි නිවාස:පවුල් 24ක් වෙත නව නිවාස ලබාදෙයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ලයින් කාමර වෙනුවට...

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...