රෂිකා හෙන්නායක මාර්තු 12, කොළඹ LNW :
අද (12)දින අස්වැසුම 2026 මාර්තු මස දීමනාව බැංකුගත කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
සුබසාධන ප්‍රතිලාභ ලබන පවුල් වෙනුවෙන් රුපියල් බිලියන 13කට අධික මුදලක් වෙන් කර තිබෙන බව සඳහන් වේ.
ඒ අනුව, පවුල් 1,408,635ක් සඳහා රුපියල් 11,179,801,250 ක මුදලක් හා තවත් ප්‍රතිලාභීන් 256,565ක් සඳහා රුපියල් 2,350,530,000 ක මුදලක් බැංකු ගිණුම් සඳහා බැර කිරීමට නියමිතව ඇත.





