තෙල් අර්බුදය හමුවේ ගැටෙන අග්නිදිග ආසියාවේ දෛනික ජන ජීවිතය!

රෂිකා හෙන්නායක මාර්තු 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය වැසී යාමෙන් අග්නිදිග ආසියාව දැඩි තෙල් අර්බුදයකට මුහුණ දී සිටී.

ඉන්ධන ආනයනය මත බෙහෙවින් යැපෙන පිලිපීනය, තායිලන්තය සහ වියට්නාමය වැනි රටවල් බලශක්තිය සුරැකීම සඳහා රජයේ කාර්යාල වසා දැමීම සහ ගමන් බිමන් සීමා කිරීම වැනි දැඩි පියවර ගනිමින් සිටියි.

කලාපීය බලශක්ති සංචිත වේගයෙන් ක්ෂය වෙමින් පවතින අතර, බොහෝ රජයන් මිල පාලනය කිරීමට සහ හිඟය කළමනාකරණය කිරීමට වෙළඳපොළට මැදිහත් වී ඇත.

මෙම සැපයුම් දාම බිඳවැටීම හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ ආසියානු කලාපය ආර්ථික පසුබෑමකට ලක්වීමේ අවදානමක් පවතින බව විශේෂඥයෝ පෙන්වා දෙති.

තෙල් පිරිපහදු කිරීමේ සීමාවන් සහ අපනයන තහනම් හේතුවෙන් බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් සමස්ත කලාපයම දැඩි පීඩනයකට ලක්ව ඇත.

මෙම අර්බුධය මෙය කලාපයේ දෛනික ජන ජීවිතයට සහ ආර්ථික වර්ධනයට සෘජු බලපෑම් එල්ල කරන බරපතල අර්බුදයක් ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.