ප්‍රජාතන්ත්‍රවාදය පුපුරා යන තැනට වැඩ කරන්න එපා! – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

මීට පෙර මැතිවරණය කල්දැමීම උදෙසා විසි දෙවතාවකට වැඩි වාර ගණනක් ආණ්ඩුව උත්සාහ කොට ඇති බවත්,ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ඒකායන අරමුණ මැතිවරණ නොපැවැත්වීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනතාවට සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වන ඡන්ද බලය පාවිච්චි කිරීමට අවස්ථාව නොලැබෙන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදය පිපිරී යා හැකි බව පැවසූ විපක්ෂ නායකතුමා,ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ ඊට දැයි ප්‍රශ්න කර සිටියේය.විනෝද සහ සහ උද්ඝෝෂණ මර්දනය කිරීමට ආණ්ඩුව කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පවසා සිටියේ විෂ සහිත වේවා විෂ රහිත වේවා ජනතා විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ආණ්ඩුවට කිසිම අයිතියක් නැතැයි ද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (11) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තේය.

ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණියේ විපක්ෂ නායකවරයාව පිළිගත්තේ දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑලබණ්ඩාර මහතා විසිනි.

ඉන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත් විපක්ෂ නායකවරයා , මහනුවර ඓතිහාසික අස්ගිරි මහා විහාරය වෙතද පැමිණ මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත්හ.

පළමුකොට මහා නාහිමිපාණන්වහන්සේලාගේ සුවදුක් විචාරනු ලැබූ විපක්ෂ නායකවරයා උන් වහන්සේලා සමඟ සුහද පිළිසදරක ද නිරත විය.

වර්තමානයේ රටේ පවතින තත්වය පිළිබඳව ද එහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉටු කරනු ලබන කාර්යභාරය පිළිබඳව මහනාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රශංසාව ද හිමි විය.

අනතුරුව මහනුවර මීරා මක්කම් මුස්ලිම් පල්ලියට ද, කටුකැලේ හින්දු කෝවිල වෙතටද ගොස් ආශීර්වාද ලබාගැනීමට විපක්ෂ නායකවරයා අමතක නොකළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...