Tuesday, September 26, 2023
spot_img

Latest Posts

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් පුද්ගල සහ සංස්කෘතික සබඳතාවයන් තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ශ්‍රී විනෝද් තේ. ජේකොබ් මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය.

ඒ මීට දින දෙකකට (10) ඉහත දී කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ශ්‍රී ලංකා – ඉන්දියා සංගමය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කරන ලද රාමායන මංපෙත් පිළිබඳ ඉදිරිපත් කිරීමේ දී ය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා වලට අදාළව, පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වායුබුබුලු සැකැස්ම ස්ථාපිත කිරීම, සංචාරක ව්‍යාපාරය පිළිබඳ තුන්වන ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම පැවැත්වීම සහ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ සිට කුෂිනගර් ගුවන් තොටුපොළ දක්වා මංගල ගුවන් ගමන පැවැත්වීම ආදී කරුණු පිළිබඳව ඔහු මෙහිදී අදහස් දක්වා සිටියේය.

සංචාරක ක්ෂේත්‍රය තුළ ඉන්දියාව නැවතත් සංචාරකයන් පිළිගැනීමට සූදානමින් සිටී. ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය සඳහා වැදගත් මූලාශ්‍ර වෙළඳපොළක් ලෙස සලකන ඉන්දියාව, සංචාරක කර්මාන්තය දිරිගැන්වීමේ පියවරක් ලෙස සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන් රැපිඩ් පරීක්ෂා – පීසීආර් පරීක්ෂා වෙත යොමුකිරීම අත්හිටුවා තිබේ. එමෙන්ම, මාර්තු 27 වන දින සිට ජාත්‍යන්තර වාණිජ ගුවන් ගමන් යළි ආරම්භ කරන බව ද නිවේදනය කර තිබේ.

කොවිඩ් විධිවිධාන මධ්‍යයේ වූව ද ඉකුත් වසර තුළ සංචාරකයන් ලක්ෂ 1.94 ඉන්දියාවට පැමිණ ඇති අතර, ඔවුන්ගෙන් 56,268 ක් ම ඉන්දියානු සංචාරකයන් බව නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සිහිපත් කළේය. එය සමස්ත සංචාරකයන්ගෙන් සියයට 29 ක පමණ ප්‍රතිශතයකි.

කෙසේවෙතත්, මෙම ප්‍රතිශතය ඉහළ නංවා ගැනීම සඳහා වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

ගතවූ මාස දෙකක කාලය තුළ ඉන්දියාවට සංචාරය කළ ශ්‍රී ලාංකිකයන් ගණන 7,682 ක් බවත්, 196 දෙනෙකු වෛද්‍ය අවශ්‍යතා මත ඉන්දියාවට පැමිණි බවත් ජේකොබ් මහතා සිහිපත් කළේය.

2019 වසරේදී ඉන්දියාවට වාර්තාගත ලෙස ලක්ෂ 03 ක ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයක් සංචාරය කළ අතර, මෙම සංඛ්‍යාව යළි ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාව ද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා පැහැදිලි කළේය. ඕනෑම තරාතිරමක සිටින ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ පවතින අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට මෙය හොඳ කාලයක් බව පෙන්වා දුන් ජේකොබ් මහතා, ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්, බොලිවුඩයේ කලාකරුවන් සහ අනෙකුත් නිර්මාණශීලී පුද්ගලයන් සහ ආයෝජකයන් මීට උදාහරණ බව ද සිහිපත් කළේය.

මෙම වැඩසටහනේදී, ශ්‍රී ලංකාවේ රාමායනය හා සම්බන්ධ ප්‍රමුඛ ස්ථාන පිළිබඳව ද ඉදිරිපත් කිරීමක් සිදුවූ අතර, මෙය ඉන්දියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම සඳහා උපකාරී වනු ඇති බවද පෙන්වා දුන්නේය.

MIAP

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.