බස් ගාස්තු සංශෝධනය හෙට – අවසන් තීරණය කැබිනෙට්ටුවේදී

Date:

ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ යාමත් සමග බස් ගාස්තුද ඉහළ දැමිය යුතු බවට බස් හිමියන්ගේ සංගම් යෝජනා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් බස් හිමියන්ගේ සංගම් සහ බස් කර්මාන්තයට අදාල වෘත්තීය සමිති නියෝජිතයන් සමග ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා සාකච්ඡා කර තිබෙනවා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ බස් ගාස්තු වැඩි කිරීම අනිවාර්යෙන් සිදුවන බවයි. බස් සංගම් විසින් ඉන්ධන සහනාධාරයක් ලබා දෙන්නැයි යෝජනා කළ නමුත් එය ඉටු කළ නොහැකි ඉල්ලීමක් බැවින් බස් ගාස්තු සංශෝධනය හැර වෙනත් විකල්පයක් නොමැති බවද ඇමතිවරයා පවසනවා.

ඒ අනුව හෙට රාත්‍රියේදී බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඊට අදාල අවසන් තීරණය හෙට රාත්‍රී පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගන්නා බවද අමුණුගම මහතා සඳහන් කරනවා.

60% කට වැඩි බස් ගාස්තු සංශෝධනයක් බස් සංගම් විසින් ඉල්ලා ඇති අතර කෙසේ නමුත් එවැනි සංශෝධනයක් ලබාදිය නොහැකි බවත්, ජනතාවද අපහසුතාවයට පත් නොවන, බස් කර්මාන්තයද කඩා නොවැටෙන මට්ටමේ සංශෝධනයක් සිදු කරන බවත් පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් හෝ රුපියල් තුනකින් ඉහළ යනු ඇති බවයි.

කෙසේ නමුත් බස් සංගම පවසන්නේ මේ වනවිටත් බස් කර්මාන්තය කඩා වැටී ඇති බැවින් වැඩි මිල සංශෝධනයක් බලාපොරොත්තු වන බවයි. අවම බස් ගාස්තුව රුපියලකින් හෝ දෙකකින් හෝ වැඩි කිරීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ.

මීට පෙර බස් සංගම් ප්‍රකාශ කර තිබුණේ අවම බස් ගාස්තුව අවම වශයෙන් රුපියල් 30 ක් දක්වා හෝ වැඩිකළ යුතු බවයි.

බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුව සාධාරණ ගාස්තු වැඩිවීමක් ලබා ගන්නා බවද ඔහු පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...