*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

එජාපයට ලක්ෂ 30ක් ඡන්ද තියෙනවා. රනිල්ව නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා හැටියට ගේනවා – රවී

එක්සත් ජාතික පක්ෂය සතුව දැනටත් ලක්ෂ 30ක ඡන්ද පදනමක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

“දැන් සමහරු අහනවා මොනවද වෙන්නෙ කියලා. එදා ඩොලර් එක 376 යි. අද ඩොලර් එක 308 යි. මේක තව වැඩිකල් යන්න ඉස්සෙල්ලා දෙසීය ගණන්වලට ආවාම ඔබතුමන්ලාට පෙනේවි කොහොමද ජීවන වියදම අඩුවෙන්නෙ කියලා. ඒක තමයි අපේ නායක, රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුගමනය කරන ක්‍රමවේදය. දැන් යම් අය අහනවා කෝ බං යූඑන්පී එක කියලා. එදා කතා කරපු අය මෙතෙන්ට ආවා නම් දන්නවා දැන් කොහෙද අලියෝ ටික ඉන්නෙ කියන එක. ඒ විතරක් නෙවෙයි අංක ගණිතය අනුව අපි 2019 ඉදිරිපත් කරපු ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභයත් එක්ක තරග කරනකොට යූඑන්පී ප්‍රමුඛ ඒ පිරිසට ලක්ෂ 56ක් ඡන්ද හම්බුණා. ගෝඨාභයට ලක්ෂ 69ක් හම්බුණා. එදා ලක්ෂ 13න් පැරදුණා. ඊටපස්සෙ 2020 යනවා මහ ඡන්දෙට. මහ ඡන්දයට යනකොට දැවැන්ත එක්සත් ජාතික පක්ෂය දෙකට කඩලා ඒකෙන් අන්තිමට ඒ ලක්ෂ 56 අඩුවුණා ලක්ෂ 27කට. මොකද එක්සත් ජාතික පාක්ෂිකයින් මේක අනුමත කළේ නෑ. එදා තිබුණු තත්වය තුළ ඒ නිහඬවීම තුළ යම්පිරිසක් එදා එතනට ගියා, ඒකෙන් අන්තිමට වුණේ එක්සත් ජාතික පක්ෂය තාවකාලිකව ජනතාව තුළින් පාඩමක් උගන්නාගෙන අද මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒත් එදා නැතිවුණු එක අපට ඊට වැඩිය සම්පත අද රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් එදා මේ තියෙන එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ 30 නිහඬ වෙලා ඉන්නෙ. ඔබතුමාලා දන්නවා මේ 2024 සැප්තැම්බර් ඔක්තෝබර් වෙනකොට එනවා ජනාධිපතිවරණය. ඒකෙ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා වශයෙන් අපි අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කරනවා කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. ඉතින් ඒ නිහඬව ඉන්න එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ 30ත් එක්ක, උදව් කරන හැමදෙනාමත් එක්ක ඉදිරිපත් වෙලා මේ රටේ 2024 ඔක්තෝබර් වෙනකොට නැවතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවට පත්කරන ගමන මෙතනින් පටන් අරන් සාර්ථකව ගමන් කරනවා”

රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ පසුගියදා (10) කුලියාපිටියේදී පැවති එජාප මහජන රැළිය අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan