අරුගම්බේ හෝටලයක් තුළ කාන්තාවක කපා කොටා ඝාතනය කරලා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 13,, කොළඹ (LNW): අරුගම්බේ පොතුවිල් සංචාරක කලාපයේ හෝටල් කාමරයක් තුළ කාන්තාවක කපා කොටා ඝාතනය කර තිබෙන බව වාර්තා වේ.

පොලීසිය පවසන්නේ, ඝාතනය සිදු කළ පුද්ගලයා ද ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බවයි.

හෝටල් කළමනාකරු පොලීසිය දැනුවත් කර තිබෙන්නේ, අරුගම්බේ සංචාරක කලාපයේ හෝටල් කාමරයක මෙම යුවල නවාතැන් ගෙන සිටි බවත් , ඔවුන් රැඳී සිටි කාමරයේ දොර විවෘත නොකිරීම හේතුවෙන් සැක පල කළ බවයි.

පොලීසිය පවසන්නේ, පසුව කාමරයේ  දොර විවෘත කර ඇති අතර එහිදී කාන්තාව කැපුම් තුවාල ලබා මිය ගොස් සිටි බවත් ඇය සමඟ සිටි පුද්ගලයා නාන කාමරය තුළ ගෙල වැලලාගෙන සිටි බවත්ය.

වැඩිදුරටත් පොලිසිය පවසන්නේ, මිය ගිය කාන්තාව වයස අවුරුදු 35 ක් වූ මහකලුගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරියෙකු වන අතර පිරිමි පුද්ගලයා පොතුවිල් ප්‍රදේශයේ පදිංචි 51 හැවිරි අයෙක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා ආපදා හේතුවෙන් හානි වූ අවහිරතා...

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...

ලංගම බංකොළොත් වීම වගේම ජාතික පාපන්දුවේ නැගිටීම ගැනත් සිතිය යුතුයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: මේ දිනවල කාලයකට පසුව...