රාජ්‍ය සේවකයන් කෝච්චියේ නොමිලේ ගිය කාලෙත් ඉවරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 13,, කොළඹ (LNW): රාජ්‍ය සේවකයන් සදහා දුම්රිය ආසන වෙන්කරගැනීමේ බලපත්‍ර (වරන්ට්) ලබාදීම 80% කින් අඩු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව හා ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන ඇති බව පැවසේ.

දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරන්නේ, මේ අනුව රාජ්‍ය සේවා බලපත්‍ර සියයට විස්සක් දුම්රිය කවුන්ටර්වලින් ලබාදීමත් සියයට අසූවක් මාර්ග ගතව වෙන්කිරීමත් සිදුකරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවයි.

මීට අමතරව රාජ්‍ය සේවකයකු වරන්ට් මගින් වෙන්කර ගන්නා සෑම ආසනයක් සඳහාම වෙන්කරගනු ලබන රාජ්‍ය සේවකයාගෙන් ප්‍රවේශපත්‍ර ගාස්තුවෙන් සියයට පහක මුදලක් අය කරගැනීමට ද ප්‍රවාහන අමාත්‍යංශය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වෙත උපදෙස් දී ඇති බවද පැවසේ.

දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසූවේ, දුම්රිය වාණිජ අධිකාරී චන්ද්‍රසේන බණ්ඩාර විසින් මේ සදහා පිඹුරුපත් සකස් කර තිබෙන බවත් මෙය රාජ්‍ය සේවකයන් සඳහා ලබාදී ඇති සහන කප්පාදු කිරීමක් බවත් මීට තම සංගමය දැඩි විරෝධයක් පළකර සිටින බවත්ය.

දුම්රිය ආසන මාර්ගගතව සිදුකිරීමේදී පවා බොහෝ මගීන් පිරිසකට අපහසුතාවකට ලක්වීමට සිදුව තිබෙන බව ද රාජ්‍ය සේවකයන්ට නිදහසේ දුම්රිය ස්ථානයකට ගොස් ආසන වෙන්කර ගැනීමේ හැකියාවද මෙමගින් අඩාල වනු ඇති බව ද සභාපතිවරයා කීවේය.

මාර්ගගතව දුම්රිය ආසන වෙන්කිරීමේදී මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් රාජ්‍ය සේවා බලපත්‍ර ද මාර්ගගතව ලබාදීම තුළින් රාජ්‍ය සේවකයන්ට ලැබුණු සුළු සහනය හෝ අහිමි වනු ඇති බවත් ඔහු පැවසීය.

රාජ්‍ය සේවා බලපත්‍ර ඔස්සේ දුම්රිය ස්ථාන මගින් දුම්රිය ආසන ලබාදීමේදී අක්‍රමිකතා සිදුවන බවට ලද පැමිණිලි මත ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන විසින් රාජ්‍ය සේවා ආසන වෙන්කර ගැනීම් මාර්ගගතව සිදුකරන ලෙසට උපදෙස් දී තිබෙන බව මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ජගත් ඉදිපොළගේ සඳහන් කළේය.

ලබන 14 වැනිදා සිට මෙම ක්‍රමවේදය ඔස්සේ ආසන වෙන්කර ගැනීම අනිවාර්ය වන බව ද පැවසේ.

එලෙස ආසන වෙන්කර ගැනීමේදී මාර්ගගතව දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස රාජ්‍ය සේවා බලපත්‍ර අංකය ඇතුළු තොරතුරු නිවැරදිව ඇතුළත් කළ යුතු බවත් ඒ අනුව ලැබෙන ඕටීපී අංකය සමගින් දුම්රිය ස්ථානයකට ගොස් දුම්රිය ආසනය සඳහා ප්‍රවේශපත්‍රය ලබාගත යුතු බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...