ටෙස්ලා සමාගමට එරෙහිව එක් වචනයක් පැවසුවොත් ඔබත් ත්‍රස්තවාදියෙක් කරවන ට්‍රම්ප් ගේ මිත්‍රත්වය!

Date:

සටහන – පුලී
මාර්තු 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
මස්ක්ගේ ටෙස්ලා සමාගමට එරෙහිව විරෝධතා දක්වන පුද්ගලයින් දේශීය ත්‍රස්තවාදීන් ලෙස ලේබල් කළ යුතු බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් අඟහරුවාදා ධවල මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ට්‍රම්ප් තමා මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව පැවසූ නවතම රතු ටෙස්ලා රථයක රියදුරු අසුනේ වාඩි වී සිටි අතර, මස්ක් මගී අසුනේ සිටියදී ගත් ඡායාරූපයක් ද සමාජයේ දැඩි කතා බහට ලක්විය.

රට බල්ලට ගියාදෙන් කියා නටන ට්‍රම්ප්ගේ පරිපාලනයේ මස්ක්ගේ පිරිවැය අඩු කිරීමේ භූමිකාවට විරෝධය පළ කරමින් විරෝධතාකරුවන් මෑත සතිවල ටෙස්ලා ප්‍රදර්ශනාගාර ඉදිරිපිට විරෝධතා දැක්වීය.

මොවුන් දිහා බැලූ ට්‍රම්ප්ගේ ඇස ඔවුන් “ශ්‍රේෂ්ඨ ඇමරිකානු සමාගමකට හානි කරන” බවත්, මස්ක්ගේ මෙම විදුලි මෝටර් රථ නිෂ්පාදනයට එරෙහිව ප්‍රචණ්ඩත්වය භාවිතා කරන ඕනෑම අයෙකු නිරයට යා යුතු බවත් දැඩිව පැවසීය.

ධවල මන්දිරය තුළ පෙළ ගස්වා තිබූ ටෙස්ලා වාහන ගණනාවකින් එකක් වන දිලිසෙන රතු මොඩලයේ කාරය ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්වූ නමුත් ඔහුට තවදුරටත් රිය පැදවීමට අවසර නොමැති බවත්, එබැවින් ධවල මන්දිර කාර්ය මණ්ඩලයේ භාවිතය සඳහා මෝටර් රථය තබා ගන්නා බවත් ප්‍රකාශ කළේය. මෙලෙස ආරක්ෂක හේතූන් මත වත්මන් සහ හිටපු ජනාධිපතිවරුන්ට රිය පැදවීමට අවසර නොමැති ය.

දෙසැම්බර් මාසයෙන් පසු ටෙස්ලා හි වෙළඳපල වටිනාකම අඩකින් පහත වැටීමෙන් පසුව, ඉකුත් සඳුදා එක් දිනක් තුළ 15% කින් වෙළෙඳපල වටිනාකම පහත වැටීමෙන් පසුව අඟහරුවාදා තරමක් යථා තත්ත්වයට පත්වීමෙන් පසුව ධවල මන්දිරයෙන් පිටත ටෙස්ලා මෝටර් රථ සඳහා වූ ප්‍රදර්ශනය පැවැත්විණි.

මෙම අර්බුදය තුළ “ඔබ දන්නවා, ඊලොන්, ඔබට සිදුවන දෙයට මම කැමති නැහැ, ටෙස්ලා විශිෂ්ට සමාගමක්” යනුවෙන් මස්ක්ට පැවසූ බව ට්‍රම්ප් ආරංචිමාර්ග පවසයි.

මැතිවරණ ව්‍යාපාරයේ ට්‍රම්ප්ගේ ඉහළම පරිත්‍යාගශීලියා වන මස්ක්ට කඩා වැටෙන්න නොදීමට වගබලා ගන්න ට්‍රම්ප් ගේ කැපවීම රටේ ජනතාවත් නතින්ග් යන තැනට වැටී තිබීම හරිම අගනේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : හෙට (17) දිනයේදී...

“සෙවණැලි 63 ක් ඔබ පසුපස එනු ඇත”මැසිඩෝනියාවේ විරෝධතාකරුවන් දහස් යුක්තිය ඉල්ලා වීදි බසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාර්තු...