කෙටිකතානායක හෝදන්න ගිහින් නවකතානායක නාගත් හැටි ! (VIDEO)

Date:

හිටපු කතානායක, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පාසලක ක්‍රීඩා උත්සවකට සහභාගී වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගෙන් මහත්මිය වෙත ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදී කතානායක ජගත් වික්‍රමරත්න මහතා ඊට මැදිහත් වෙමින් කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්ව තිබේ.

ඊයේ (12) දිනයේදී පාර්ලිමේන්තුවේ ඇතිවූ එම සංවාදය මෙසේ ය.

ඩී. වී. චානක – “ගරු අග්‍රාමාත්‍යතුමියගේ වාර්තාවක් තියෙනවා, ‘පාසල්වලට දේශපාලනඥයින් ගෙන්වීම තහනම්’ කියලා මාධ්‍ය වාර්තා කරලා තිබ්බා. හැබැයි අපි දැක්කා ඔබතුමන්ලාගෙම හිටපු කථානායකතුමා අශෝක රන්වල මහත්තයා අද හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලට සහභාගී වෙනවා. මං අගන්නෙ තවම නීතිය තියෙනවාද අග්‍රාමාත්‍යතුමිය, එහෙම නැත්නම් විපක්ෂයට විතරක් දාපු නීතියක්ද මේ තියෙන්නෙ ?”

අගමැති හරිනි – “ගරු මන්ත්‍රීතුමා, නීතියක් කොහෙවත් මම පනවලා නෑ. මම කිව්වෙ පාසැල් පද්ධතිය දේශපාලනයට පාවිච්චි කරන එකෙන් වැළකී ඉන්න අපි සියලු දෙනාටම වගකීමක් තියෙනවා කියන එක. ඒ මාධ්‍ය වාර්තාව වැරදියි”

කථානායක ජගත් වික්‍රමරත්න – “කථානායකතුමා ඒ වගේ දේකට සහභාගී වෙනවා නම් සහභාගී වෙන්නේ ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා විදියට, දේශපාලන පක්ෂයක කෙනෙක් විදියට නෙවෙයි”

ඩී. වී. චානක – “නෑ, ඔබතුමා ගැන නෙවෙයි. හිටපු කථානායක ගැන කියන්නෙ”

කථානායක ජගත් වික්‍රමරත්න – “හිටපු කථානායක වුණත් කථානායකතුමා”

ඩී. වී. චානක – “නෑ, දැන් මන්ත්‍රීවරයෙක්. ඒ කියන්නෙ හිටපු කථානායකතුමා දැන් මන්ත්‍රීවරයෙක්. එතුමා කථානායකවරයෙක් වෙන්නෙ නෑ. ඒ වගේම තමයි ගරු අග්‍රාමාත්‍යතුමිය, ඔබතුමිය කිව්ව දේ අපි නම් ඇහුවා. අපි මේ මාස පහේදිම කිසිම උත්සවයකට ගියේ නෑ. හැබැයි ගරු අග්‍රාමාත්‍යතුමියනි ඔබතුමන්ලාගේ පක්ෂයෙන්ම ආදර්ශය පටන් ගත්තොත් හොඳයි”

ඩී. වී. චානක මන්ත්‍රීවරයා සිය ප්‍රශ්නයේදී පැහැදිලිවම සඳහන් කරන්නේ ඊයේ දිනයේදී සිදුවූ දෙයක් සම්බන්ධයෙනි. එහිදී කතානායක ජගත් වික්‍රමරත්න මහතා පවසන්නේ අශෝක රන්වල මහතා ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා වශයෙන් ඊට සහභාගී වූ බවකි. චානක මන්ත්‍රීවරයා එය නිවැරදි කිරීමට උත්සාහ කරද්දී පවා කතානායකවරයා නැවතත් පවසන්නේ හිටපු කතානායක වුවත් කතානායක කෙනෙක් බවකි.

කතානායක තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසු අශෝක රන්වල මහතා සාමාන්‍ය මන්ත්‍රීවරයකු විනා ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා වන්නේ නැත. ජගත් වික්‍රමරත්න මහතාට තමුන් දැන් කතානායක බව සිහියට නැඟෙන්නේ නැතිද යන්නත් පැහැදිලිත් නැත. කෙසේවෙතත් ජගත් වික්‍රමරත්න මහතාගේ ව්‍යවස්ථාදායකය පිළිබඳ දැනුම සහ භාවිතාව මේ ආකාරයේ නම් ඔහු පාර්ලිමේන්තුවක ප්‍රධානියා වශයෙන් එය හසුරුවාගන්නේ කොයි ආකාරයෙන්ද යන බරපතළ ප්‍රශ්නය මතුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...

නැවත ඉරානයට බෝම්බ හෙලීමට දෙවරක් නොසිතන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයට යුරේනියම් සැලකිය...

නොකියනු මැන හැකර කතා !

උපාලි කොළඹගේ කොළඹ LNW:කට හැකරකම මෝඩයන්ට මිස විදග්ධ හෝ පරිණත...