නිශ්මං රණසිංහ ,මාර්තු 13, කොළඹ LNW:
ලෝක සහ ඔලිම්පික් ශූර මොන්ඩෝ ඩුප්ලාන්ටිස් බ්‍රහස්පතින්දා (මාර්තු12) ස්වීඩනයේ උප්සලා හි පැවති ලෝක මලල ක්‍රීඩා ගෘහස්ථ සංචාරක රිදී ඉසව්වක් වන මොන්ඩෝ ක්ලැසික් හි දී මීටර් 6.31 ක උසක් නිමා කරමින් ඔහුගේම ලෝක රිටි පැනීමේ වාර්තාවට තවත් සෙන්ටිමීටරයක් එක් කළේය.
රිටි පැනීමේ සුපිරි තරුව ඔහුගේ වාර්තාගත දස්කම් කරා යන ගමනේදී කිසිදු අසාර්ථකත්වයක් නොතිබුණි, පළමු වරට මීටර් 5.65 ක් සමඟින් ආරම්භ කරමින් මීටර් 5.90 ක් සහ මීටර් 6.08 ක් ලබා ගත්තේය.
නෝර්වේහි සොන්ඩ්‍රේ ගුටෝම්සන් මීටර් 6.00 ක් සමඟ දෙවන ස්ථානයට පත්වූ අතර එය මෙම වාරයේ ඔහුගේ දෙවන මීටර් හය රිටි පැනීමේ ඉසව්වයි. එසේම,සැචරි බ්‍රැඩ්ෆර්ඩ්, සෑම් කෙන්ඩ්‍රික්ස් සහ කුර්ටිස් මාර්ෂල් යන සියලු දෙනාම මීටර් 590 ක් නිමා කර පිළිවෙලින් තුන්වන, සිව්වන සහ පස්වන ස්ථාන ලබා ගත්හ.
මේ ආකාරයට සෙසු ක්‍රීඩකයන් ද රිටි පැනීමේ ඉසව්වෙන් දිනෙන් දින ලබන ප්‍රගතියට බලපාන කරුණ වන්නේ ඩුප්ලාන්ටිස්ගේ දක්ෂතාවය නිසා ඉසව්වේ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා පසුපසින් සිටින ක්‍රීඩකයන්ට එම උසවල් තරණය කිරිමට ලැබෙන පෙළඹීමයි.



