කොළඹ LNW: ”දිගු ගමනක දිවි සැරිය” සමාජ ක්‍රියාකාරිකයෙකු සහ සමානව හිතවාදියෙකු වූ නීතිඥ එස්.ජී.පුංචිහේවාගේ දිවිය අළලා රචිත කෘතිය ඊයේ (12) කොළඹදී දොරට වැඩීය.
දෙනගම සිරිවර්ධන විසින් කෘතිය රචනා කරන ලද අතර ප්රජාතන්ත්රීය අයිතිවාසිකම් රැක ගැනීමේ ව්‍යාපාරය විසින් එම අවස්ථාව සංවිධානය කර තිබුණි.
මුඛ්‍ය දේශනය මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර විසින් සිදුකරන ලදී.
කෘතිය විදර්ශන ප්රකාශනයකි.
දේශපාලන සමාජ ක්රියාකරිකයින් ඇතුළු සාහිත හිතකාමී බොහෝ පිරිසක් ඊට එක්ව සිටියහ.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න
















