ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:පලස්තීන ජනතාවට සහය දක්වමින් ටෙහෙරාන්හි පැවති අල්-කුඩ්ස් පාගමන අතරතුරා පිරිරීම් වාර්තා වී තිබේ.
එම රැළිය වාර්ෂිකව පැවැත්වනු ලබන අතර පිපිරීම් වලින් එක් කාන්තාවක් මිය ගොස් ඇති බව සඳහන්.
රට පුරා යුද්ධය පැවතුණද එම රැළියට දහස් ගණනක් සහභාගී වී සිටීමද විශේෂත්වයකි. රැලියට එක් වූ ඉරාන් ජනතාව අත යුද්ධය ආරම්භයේ ඇති වූ ප්‍රහාර වලින් ඝාතනයට ලක්වූ උත්තරීතර නායක අයතුල්ලා අලි කමෙනිගේ රුව සහිත පෝස්ටර දක්නට ලැබෙන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අගනුවර මෙම රැළිය පැවැත්වූ ස්ථානය ආසන්නයේ ද ගුවන ප්‍රහාරයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
ටෙහෙරානය ඇතුළු රට පුරා නගරවල එම රැළිය පවත්වා තිබෙන අතර ඊශ්‍රායලය විසින් පලස්තීන භූමීය අත්පත්කර ගැනීමට විරෝධය දක්වමින් වාර්ෂිකව මෙම දිනය සංවිධානය කරනු ලබයි.
පෙළපාළිවලට සහභාගී වෙමින් සිටි උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි කියා සිටියේ ඊශ්‍රායලය බියෙන් කුඩ්ස් දිනයේදී බෝම්බ හෙළන බවත්, ඉරාන ජාතිකයන් ශක්තිමත්, දැනුවත් සහ අධිෂ්ඨානශීලී ජනතාවක් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොදැන සිටි බවත්ය.
මාර්ග අමාත්‍යවරයා මෙන්ම ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ද විරෝධතා දැක්වූවන් අතර සිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ.
විරෝධතාකරුවන් ඉරාන ධජ සහ පලස්තීන සටන්කරුවන්ගේ රූප රැගෙන “ඊශ්‍රායලයට මරණය” සහ “ඇමරිකාවට මරණය” යනුවෙන් හඬ නැගූ අතර එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට එරෙහිව සටන් කරන කණ්ඩායම්වලට සහාය පළ කළහ.







