මහින්ද සමග නැගිටින රැස්වීම් යළි ඇරඹේ. අපි ඡන්දෙට බය නෑ – මහින්ද කියයි (VIDEO)

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු විටෙක මැතිවරණවලට බිය නොමැති බවත් තම පක්ෂය යනු ගමට වැඩ කළ පක්ෂයක් බවත් එම පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“සමහරු පසුගිය දවස් වෙනකොට දිනලා හිටියේ. හුළං පුම්බලු බෝලයක් උඩ ගියා වගේ. දැන් බිමට එන්න පටන් අරගෙන තියෙනවා. එදා මේ අයට ඇවිත් රට භාරගන්න කිව්වාම ඔය කෑගහන දෙගොල්ලොම ඒ වෙලාවේ රට භාරගත්තේ නැහැ. එයාලා දන්නවා එයාලට කරන්න පුළුවන් හරිය කොච්චරද කියලා. මිත්‍රවරුනී, මේ වගේ අය තමයි අහන්නේ අපි ඡන්දයට බයද කියලා. අපි කිසිම බයක් නැහැ ඡන්දෙකට.

අපි ගමට වැඩක් කරපු පක්ෂයක්. එහෙම නැතුව TV එකෙන් දිනලා, පත්තරෙන් දිනලා, ගිහිල් ගමේ ඡන්ද කරන්න බැහැ. ඒ අය ඡන්දයට බය නැත්නම් ඇයි නිතරම ජනතාව කුපිත කරන්නේ ? අද ඒ අය පාසල් දරුවන්වත්, තව පැත්තකින් රෝගීන්වත් ප්‍රාණ ඇපයට අරගෙන එයාලගේ ඉල්ලීම් දිනාගන්න තැනට වැටිලා තියෙනවා. කම්කරු අයිතීන් දිනාගන්න එක වරදක් නෙමෙයි. හැබැයි මිනිස්සු ප්‍රාණ ඇපයට අරගෙන ආර්ථිකයත් ජන ජීවිතයත් කඩාබිඳ දානවනම් ඒ අය කරන්නේ මහ අපරාධයක්”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම අමතමිනි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...