(VIDEO):ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන පුද්ගලික මත එපා පොහොට්ටුවට උපදෙස්/ වැඩි පංගුව බැසිල් ඉල්ලයි!

Date:

කොළඹ LNW:LNW Inside Story

ජනාධිපතිවරණ අපේක්ෂකයින් සම්බන්ධයෙන් සිය පෞද්ගලික මතයන් මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ විසින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් වශයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බැවින් මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව පෞද්ගලික මතයන් ප්‍රකාශ කිරීමට යාමෙන් පක්ෂ යාන්ත්‍රණයට හානි සිදුවිය හැකි බවයි රාජපක්ෂ මහතා පවසා ඇත්තේ.

එසේම පක්ෂය තුළ දේශපාලන නායකයින් තමතමන්ගේ පෞද්ගලික මත සමඟ නොයා පොදු දේශපාලන මතය සමග යළි ජනතාව ඒකරාශී කරගත යුතු බවද ඔහු අවධාරණය කර තිබෙනවා.

සැබෑ ලෙසම භූමිය තුළ පවතින තත්ත්වය ගැන පරිණත දේශපාලකයෙක් ලෙස මහින්ද රජපක්ෂ මහතාට ඇති අත්දැකීම් සම්භාරය මත සිය පුත්‍රයා වන නාමල් රාජපක්ෂගේ දේසපාලන අනාගතය ආරක්ෂා කර ගත යුතු වන හෙයින් නාමල් රාජපක්ෂ වට පොහොට්ටු බලවේගය ගොඩනැගීම මහින්ද රාජපක්ෂ මහතාගේ දැන් එකම අරමුණ බවද කියවෙනවා.

පවතින දේශපාලන වටපිටාව මත ජනාධිපතිවරණයක් ඉදිරියට ගැනීම පොහොටුවට අවාසිදායක බව බැසිල් රාජපක්ෂගේ තහවුරුව වී තිබෙන අතර ඔහු මේ ගැන ජාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ජා කර තිබෙන බවද පසුගිය දිනවල කියවුණා.

වාර්තා වූ පරිදි බැසිල් රාජපක්ෂ රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයකට යන ලෙසයි.

මහා මැතිවරණයකින් වැඩි ආසන ප්‍රමාණයක් ලබා ගතහොත් අගමැතිකම පොහොට්ටුවට ලැබිය යුතු බවටද ඔහු වික්‍රමසිංහ ජධිපතිවරයාට පවසා ඇති බව සඳහන්.

කෙසේවෙතත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබා දී නැති අතර මැතිවරණය සම්බන්ධයෙන්ද ඔහු තවමත් අවසාන තීරණයක් ගෙන නොමැති බවයි කියවුණේ

මේ අතරේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,හිටපු ජනාධිපති හා පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන තිදෙනා පසුගියදා දේශපාලන කතාබහක නිරතවී තිබෙනවා.

මෙහිදී කතාබහට ලක්වී ඇත්තේ ඉදිරි මැතිවරණ ගැන වන අතර එහිදී බැසිල් රාජපක්ෂ මහතා මහ මැතිවරණයක් ගැන අදහස ප්‍රකාශ කර තිබෙන අතර එසේ නම් පොහොට්ටුව හා එජාපය එක්ව තරඟ කළ යුතු බව මෙහිදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පවසා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ එජාපය හා පොහොට්ටුව වෙනවෙනම තරඟ කළ යුතු අතර පසුව අවශ්‍ය නම් එක්විය හැකි බවය. ඒ අනුව හමුව එකඟතාවයකින් තොරව අවසන්වී තිබෙනවා.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාහරින්නට එකඟ නොවන්නේ නම් පාර්ලිමේන්තුව හැක්කේ පාර්ලිමේන්තුව වෙත ගෙන එන යෝජනාවක් සරල බහුතරයකින් සම්මත කර ගැනීමෙන්.

මේ අතර පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවක් මගින් මැතිසබය විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

මේ සාකච්ඡාවේදී අප්‍රේල් මුලදී හෝ සිංහල අවුරුද්දෙන් පසුව මැතිසබය විසුරුවා හැරීම ගැන දෙපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අදහස් හුවමාරු කරගෙන ඇතැයි දැනගන්නට තිබෙනවා.

එසේම ඊට කැමැති මන්ත්‍රීන් සංඛ්‍යාව ලැයිස්තුගත කොට ගණනය කිරීමටත් එකඟත්වයක් ඇති කරගෙන ඇති බව සඳහන්.

කෙසේවෙතත් දෙපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර ඇතිවූ මෙම සාකච්ඡාවේදී මතුවූ කරුණු පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කොට අවසාන එකඟතාවක් ලබාගැනීමටද තීන්දු වී තිබෙනවා.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...