*
Friday, May 3, 2024
spot_img

Latest Posts

මුදල් අමාත්‍යාංශයේත් තඩි මීයෙක් – ඩලස්

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 14,, කොළඹ (LNW): ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රගතිශීලී මැද මාවතේ ඉන්න සෑම බොහෝ බලවේගවලට නිදහස ජනතා සභාව විදිහට ආරාධනා කළ බවත්, බොහෝ දෙනාගේ ප්‍රතික්‍රියාවන් බොහෝ ධනාත්මක බවත් ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

රටට ආදරය කරන, පක්ෂයට වඩා රට ඉදිරියෙන් තියන, තනතුරට වඩා මිනිස්සුන්ගේ දුක හඳුනන බොහෝමයක් බලවේග මැයි දිනය වන විට එක වේදිකාවකට ගත යුතු යැයි විශ්වාස කරන බව ඒ මහතා කියා සිටියේය.

අද (14) දින ඩලස් අලහප්පෙරුම මහතා විසින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේ සාරාංශය

ප්‍රජාතන්ත්‍රවාදය මිලට ගන්න හදනවා.

මැතිවරණ සිතියම අකුලා වසරයි. ජනාධිපතිවරණයට දින 189 යි

විපක්ෂයේ නිහඬ බවයි ලොකුම ඛේදවාචකය.

මුදල් අමාත්‍යාංශයේත් තඩි මීයෙක්.

” පළාත් පාලන මැතිවරණය නෛතික නොවන ක්‍රියාමාර්ගවලින් වල දමා, මැතිවරණ සිතියම අකුලා හරියටම වසරක් ඉක්ම ගොස් තියෙනවා.

පාර්ලිමේන්තුවේ විශේෂයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විදිහට,  අපටත් මෙය අමතක වෙලා. මන්ත්‍රීවරුන්ටත් වඩා බරපතලම කාරණය මැතිවරණ කොමිසම මේ පිළිබඳ නිහඬව, අමතකව සිටීමයි. පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන්  නිහඬයි. ජනමාධ්‍ය මේ සම්බන්ධයෙන් නිහඬයි. සිවිල් සංවිධාන ද මේ සම්බන්ධයෙන් නිහඬයි. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ද මේ සම්බන්ධයෙන්  නිහඬයි.  පුරවැසියන් නිහඬයි. විශ්ව විද්‍යාල ප්‍රජාවේ බුද්ධිමතුන් නිහඬයි. අධිකරණය ද අවුරුද්දක් තිස්සේ මූලික අයිතිවාසිකම් නඩුවක් අසමින් ඉස්සරහට යනවා. ඒකටත් අවුරුද්දකට වැඩියි. මුදල් නැහැ කියලා මැතිවරණ පවත්වන්නේ නැති ලෝකයේ සුපිරි රට ශ්‍රී ලංකාවයි. මේක හිනාවෙන්න නෙමෙයි ජාතියක් විදියට අඬන්න ඕන කාරණාවක්.

අද ඉඳලා ගත්තොත් ජනාධිපතිවරණයට තියෙන්නේ හරියටම සති විසි හතයි (27) යි. දවස් වලින් ගත්තොත් දවස් එකසිය අසූ නවයයි (189) අද ඉඳල තියෙන්න. ඒ නිසාම, මේ කාරණය සැහැල්ලුවෙන් මනින්න එපා. එම නිසාම මා අධිකරණයෙන්  ගෞරවයෙන් ඉල්ලා සිටිනවා එම මූලික හිමිකම් නඩුවට අදාළ තීරණය කඩිනමින් ලබා දෙන ලෙස. ඒ වගේම, අධිකරණයෙන් නියෝගයක් සිදු කර තිබෙනවා භාණ්ඩාගාරයට, මැතිවරණයට අදාළ  මුදල් කඩිනමින් මැතිවරණ කොමිසමට ලබා දෙන ලෙස. මේවා අයවැයෙන් වෙන් කරන ලද මුදල්. නමුත් මුදල් අමාත්‍යංශයේ මේ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නැහැ . මැතිවරණ නොපවත්වා ආණ්ඩුව සැරසෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මිලදී ගැනීම සඳහායි.

අපි, “නිදහස” විදිහට සමස්ත විපක්ෂයටම ආරාධනා කරන්නේ මැතිවරණවලදී කොයි විදිහට තරග කළත් ජයග්‍රාහකයා කවුද පරාජිතයා කවුද කියන දේට වඩා මේ මොහොතේ වැදගත් වන්නේ මැතිවරණ සිතියම හැකිලීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කිරීමයි.  එය පුරවැසියන්ගේත් දේශපාලකයන්ගේත් සිවිල් සංවිධාන වලත් මේ  සියල්ලෝ ගේම වගකීමක්.

ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රගතිශීලී මැද මාවතේ ඉන්න සෑම බොහෝ බලවේගවලට අප නිදහස ජනතා සභාව විදිහට ආරාධනා කළා. බොහෝ දෙනාගේ ප්‍රතික්‍රියාවන් බොහෝ ධනාත්මකයි. රටට ආදරය කරන, පක්ෂයට වඩා රට ඉදිරියෙන් තියන, තනතුරට වඩා මිනිස්සුන්ගේ දුක හඳුනන බොහෝමයක් බලවේග මැයි දිනය වන විට එක වේදිකාවකට ගත යුතු යැයි අප විශ්වාස කරනවා. අද වෙන් වෙන්ව මොන පාරේ ගියත් අනාගතය වෙනුවෙන් එක පාරක යන්න බොහෝ දෙනා එදිනට එකතු වේවි.

පසු ගිය සඳුදා මුදල් අමාත්‍යාංශය ගැසට් එකක් ගැහුවා කුළුබඩු ප්‍රතිඅපනයන කිරීමට අවසර දීලා. මේක පිටිපස්සෙ තිබුනේ කුමන්ත්‍රනයක්. ගම්මිරිස්, කුරුඳු, කහ, ඉඟුරු, සාදික්කා වැනි කුළුබඩු වලට ශ්‍රී ලංකාව කියන්නේ ඉහළම සන්නාමයයි. අපේ තේ වලට කළා වගේම පිටරටින් බාල කුළුබඩු ගෙනත් මිශ්‍ර කරලා Sri Lanka Brand එකක් යවන්නයි කුමන්ත්‍රනය තිබුනෙ. අද වී අළෙවි මණ්ඩලය කියනවා මහ කන්නේ වී මිළදී ගන්න භාණ්ඩාගාරය සල්ලි දෙන්නේ නෑ කියලා. 8% පොළියට පෞද්ගලික බැංකු වලින් තමයි ගන්න වෙන්නේ කියලා. වී ගොවිතනත් විනාශ කරලා වෙළඳ මාෆියාවට පාවඩ එලන්නයි හදන්නේ. දිවා ආහාරය දෙන පාසල් දරුවන් සංඛ්‍යාව ලක්ෂ එකොළහ (11) ලක්ෂ විස්ස (20) කරන්න කියලා කැබිනට් පත්‍රිකා දෙකක් ඇමතිතුමා ඉදිරිපත් කළා. එතකොට මුදල් අමාත්‍යාංශය දෘශ්‍යාබාධිත රෝගියෙක් විදිහට ඉන්නවා.

මේ සියලු දේ අනුව මගේ නිගමනය නම්,  මුදල් අමාත්‍යංශය තුළ ආර්ථිකය කන විශාල මීයෙක් සිටින බවයි. මේ මීයත් එක්ක බැලුවම, Sri Lankan ගුවන් සේවය ඇතුළෙ හිටියේ “බටු මීයෙක්” මුදල් අමාත්‍යාංශය ඇතුලෙයි, තඩි මීයා ඉන්නෙ. ආර්ථිකය “මී උණ” රෝගයෙන් බේරගන්න නම් කළ යුතු පළමු දේ මේ මීයා උගුලට අසු කර ගැනීමයි.

මෙහි දී මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් ගෝඨාභය ජනාධිපතිවරයාගේ පොත බැලුවා දැයි ප්‍රශ්න කර සිටියේය.

“Ghost Writer” කෙනෙකු විසින් ඉතා හරවත් භාෂාවකින් එය ලියා තිබෙනවා. එබැවින්, සැබෑ ලේඛකයාට ස්තුති කළ යැයි පැවසූ මන්ත්‍රීවරයා එහි නම වෙනස් කළ යුතු යැයි ද යෝජනා කලේය. ” 69 ලක්ෂයක නපුරු හීනය” ලෙස එය නම් කොට අවශ්‍ය නම්, “Nightmare of a Nation” කියලා ඉංග්‍රීසියට පරිවර්ථනය කරන්නත් පුළුවන්.

ජනාධිපතිවරයගේ කුලියාපිටි කතාව ගැන මතු කළ ප්‍රශ්නයක දී මන්ත්‍රීවරයාගේ පිළිතුර වූයේ, එදිනම ඇමරිකාවේ OSKA සම්මාන උළෙලේ වේදිකාවට ජෝන් සීනා නිරුවතින් පැමිණි බවත්, අපේ “සීනා” වේදීකාවේ දී නිරුවත් වූ බවයි. තරුණයන් කිව්වොත් පුදුම වෙන්න එපා එහේ ජෝන් සීනා මෙහේ සීන් ජෝනා කියලා…. ලෙස පවසා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan