කුලී සින්නක්කර නිවාස යෝජනා ක්‍රමය

Date:

කුලී සින්නක්කර නිවාස යෝජනා ක්‍රමය නමින් නව නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට රජය සැලසුම් කරයි. ඒ යටතේ නිවාස නොමැති පවුල් වලට ගෙවීමේ පහසුකම් මත නිවාස ලබාදීමට නියමිතයි .

වැඩසටහනට අනුව සෑම මැතිවරණ කොට්ඨාසයකම

නිවාස 100ක් ඉදිකිරීම සැලසුම් කර තිබේ. වැයකෙරෙන මුදල රුපියල් මිලියන 50,00 කි. නිවාස අධිකාරියට කුලී නිවැසියන්ගෙන් අයවිය යුතු මුදල් අයකර ගැනීමේ කටයුතු ද දැන් ක්‍රමවත්ව සිදුවෙමින් පවතී.

මෙහිදී කුලී පදනම මත සිටින කුලී නිවැසියන් හට සින්නක්කර නිවාස සියලු පහසුකම් ඇති ව ඉතා අඩු මුදලකට ලබාදීමට රජය සැලසුම් කර ඇත. මේ නිවැසියන් ඉඩමක් හෝ නිවාසයක් හෝ කිසිවක් නොමැති පිරිසකි . මේ සඳහා මුදල් අමාත්‍යාංශය විසින් වෙන් කල රුපියල් මිලියන 50,00 ට අමතරව නිවාස අධිකාරියේ උත්පාදිත ආදායමින් කොටසක් ද මේ සඳහා යෙදවීමට බලාපොරොත්තු වේ.

ඒ අනුව පසුගිය වසර ගණනාවක ණය ලබාදීම් සහ කුලී ලබාදීම් සම්භන්ධයෙන් නිවාස අධිකාරියට විශාල මුදලක් අයවිය යුතුව ඇති අතර , එය පසු කාලයේ අය නොකර අතහැර තිබූ අතර , මේ වනවිට එය ක්‍රමානුකූලව අයකරමින් සිටී .එම මුදල් ද මේ නිවාස යෝජනා ක්‍රමය වෙත යොදාගැනීමට රජය බලාපොරොත්තු වේ. මෙම නිවාස ගැටලුව සම්භන්ධයෙන් , මේ වසරේ අවසන් වීමත් සමඟ ජනතාවට සාර්ථක පිළිතුරක් ලබාදීමට රජයේ අපේක්ෂාව වේ.

හිසට සෙවනක් නොමැති අහිංසක ජනතාව වෙනුවෙන් රජය මේ ආරම්භ කළ ව්‍යාපෘතිය එම දිළිඳු ජනතාවගේ කිසිදා ඔවුන්ට ඉටු කර ගැනීමට නොහැකි සිහිනයක් මල්ඵල ගැන්වීමකි. ඒ වෙනුවෙන් ඔවුන් අනේක වාරයක් වත්මන් නායකත්වයට සහ රජයට කෘතඥතාව පලකරනු ඇත.

Sponsored Article
රෂිකා සඳමාලි හෙන්නායක
2022.03.14

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍යයක් පවත්වයි.

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර CID අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...