ශිෂ්‍යත්ව කඩඉම ජය ගනිද්දී ඩෙංගු හමුවේ ජීවිතයෙන් පරාජය වූ යාපනයේ සිසුවා!

Date:

2021 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ශිෂ්‍යත්ව සමතුන් පාසල්වලට බඳවා ගන්නා කඩඉම් ලකුණු ද ප්‍රකාශයට පත් කර තිබේ.

යාපනය, මීසාලෙයි වීරසිංහම් ප්‍රාථමික විද්‍යාලයේ වී. අජන්තන්ද මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි අතර ඔහු ලකුණු 155 ක් ලබා ගනිමින් විභාගයෙන් සමත්ව තිබෙනවා.

කෙසේ නමුත් ඔහුට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට, අජන්තන්ගේ ජයග්‍රහණය සැමරීමට අවස්ථාව අහිමි විය. ඒ, අජන්තන් මීට මාසයකට පමණ පෙර ඩෙංගු රෝගය වැළඳී මියගිය බැවිනි.

ශිෂ්‍යත්වයට මුහුණ දුන් අජන්තන් සිය පිළිතුරු පත්‍රය පිළිබඳව සෑහීමට පත්ව සිටි අතර ඔහු විස්වාස කළේ නියත වශයෙන්ම විභාගයෙන් සමත් වන බවයි. ඔහුගේ ගුරුවරයාද අජන්තන් මියගිය දිනයේදී පවසා තිබෙන්නේ විභාගයෙන් නියත වශයෙන්ම සමත් වන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : නූතන ජීවිතයේ රිද්මය...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්…

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : බොහෝ නිවාසවල සකස්...