*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ඖෂධ හිගය ගැන ඇත්ත කියන්න – රාජ්‍ය ඇමතිට ලිපියක්

ඉදිරියේදී මුහුණදීමට සිදුවන ඖෂධ හිගය සම්බන්ධයෙන් නිසි පරිදි ජනතාව දැනුවත් කරන ලෙස වෛද්‍යවරුන් පිරිසක් ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා බෙදාහැරීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතාගෙන් ඉල්ලා තිබෙනවා. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් ලිපියක් මගින් අමාත්‍යවරයාගෙන් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය සතු ඖෂධ තොග ඉදිරි කාලය සඳහා ප්‍රමාණවත් නොවන බවට වාර්තා පළවන බැවින් ඉදිරියේදී ඖෂධ හිගයක් මතුවන්නේද යන්න පිළිබඳව නිවැරදිව ජනතාව දැනුවත් කරන ලෙසයි එම සන්ධානය ඉල්ලා සිටින්නේ.

මේ වනවිට ජනතාවද ඖෂධ හිගයක් සම්බන්ධයෙන් දැඩි බියකින් පසුවන බවත්, මේ නිසා ඇතැම් පිරිස් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඖෂධ තොග රැස්කර තබා ගැනීමට පෙළඹී ඇති බවත් අවධාරණය කරන වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ මෙම තත්වය ඖෂධ හිගය තවදුරටත් තීව්‍ර කිරීමට සමත් වනු ඇති බවයි.

මෙම තත්වය මත අත්‍යවශ්‍ය ඖෂධ වර්ග පවා හිගවීමේ අවදානමක් මතුව ඇති බැවින් සැබෑ තත්වය සම්බන්ධයෙන් නිවැරදිව ජනතාව දැනුවත් කර ජනතාව තුළ හටගෙන ඇති අනිසි බිය යටපත් කරන ලෙසද වෛද්‍යවරුන් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan