IMF ප්‍රධානියා මුදල් ඇමති හමුවෙයි – ජනපති සමග හමුව හෙට

මෙරටට පැමිණ සිටින, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් අධ්‍යක්ෂ චැංග්යොංග් රේ මහතා අද පස්වරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. මෙම හමුව සඳහා මුදල් අමාත්‍යංශය ලේකම් එස්.ආර්. ආටිගල මහතාද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

IMF ප්‍රධානියා හෙට දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබෙන අතර මෙරට මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඇගයීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීම මෙම හමුවේ මූලික අරමුණයි.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා මුල්‍ය ආධාර සඳහා ඉල්ලීමක් ලැබී නොමැති බවත්, එවැනි ඉල්ලීමක් ලදහොත් ඒ සඳහා ඇති විකල්ප සාකච්ඡා කිරීමට සූදානම් බවත් IMF ප්‍රධානියා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...