මම යාල ගියේ අධ්‍යාපන වැඩකට මිස සවාරියකට නෙවෙයි – විපක්ෂ නායක සජිත්

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (14) උදෑසන යාල වනෝද්‍යානයට ගොස් තිබුණු අතර ඒ සම්බන්ධ වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්ව තිබිණි.

බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් සහ දේශපාලන ක්‍රියාකාරිකයින් ඊට දැඩි විවේචනාත්මක ප්‍රතිචාර දක්වමින් සටහන් තබා තිබුණේ රටේ දැඩි ආර්ථික සහ දේශපාලන අර්බුදයක් තිබියදී රටේ විපක්ෂ නායකවරයා යාල සවාරි ගසන බව කියමිනි.

ලංකා නිව්ස් වෙබ් අපි මේ පිළිබඳ කළ විමසීමකදී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ තමන් අද දිනයේදී යාල වනෝද්‍යානයට ගියේ විනෝද චාරිකාවක් සඳහා නොව අධ්‍යාපන කටයුත්තක් සඳහා බවයි.

තමන් හදාරමින් සිටින පරිසර විද්‍යාව පිළිබඳ විද්‍යාපති (MSc) උපාධි පාඨමාලාවේ 10 වැනි අදියරෙන් 25%ක්ම ඇත්තේ ක්ෂේත්‍ර අධ්‍යන කටයුතු බව පැවසූ ඒ මහතා අවස්ථාවක් ලද මොහොතේ අද උදෑසන පැය 3ක කාලයක් එම අධ්‍යන කටයුතු සඳහා වැය කළ බවයි සඳහන් කළේ.

සබැඳි පුවත් –

http://139.59.240.222/02/28/8605/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...