සෘජු ආයෝජන සඳහා ජනපතිගෙන් සෞදි රජයට ඇරයුම්

Date:

මෙරට ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජන සඳහා ආරාධනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞදි අරාබිය වෙත දැනුම් දී තිබෙනවා. මෙරටට පැමිණි සෞදි අරාබි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් කුමරු හමුවේ ජනාධිපතිවරයා මෙම ආරාධනය සිදුකර තිබේ.

සෞදි අරාබි විදේශ ඇමතිවරයා සහ ජනාධිපතිවරයා අතර හමුව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, තාක්ෂණික සංවර්ධනය හා වරාය නගරය ආශ්‍රිත ආයෝජන අවස්ථා නිර්මාණය වී ඇති බවත්, එම ආයෝජන අවස්ථා සඳහා සෞදි අරාබියට ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

ප්‍රේෂණ අඩුවීම, සංචාරක කර්මාන්තය බිඳ වැටීම, වියළි කාලගුණික තත්වය හේතුවෙන් විදුලි උත්පාදනයට එල්ල වූ බලපෑම හා මතුව ඇති ඉන්ධන අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ෆයිසාල් බින් ෆර්හාන් අල් සාව්ඩ් කුමරු ද මෙහිදී කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වූ බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු කළ අතර, තම රාජ්‍යය ද පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බවත්, ශ්‍රී ලංකාවට ද සහාය ලබාදීමට සූදානම් බවත් පැවසීය.

දෙරට අතර අංශ ගණනාවකින් ඇති සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම කෙරෙහි ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...