හුඟක් දේවල් කරන්න හුඟක් දේවල් ඕනි නැහැ

Date:

ගලිනා බස්නායක.ඇයගේ පියා ශ්‍රී ලාංකිකයෙක්.මව රුසියානු ජාතිකයෙක්.මේ අපූරු ජාන මුසුවෙන් හැදෙන රුවත්තිය ගලීනානම් හැඩකාරියට පුංචි පළුද්දක් ඇත් වෙනවා.ඒ පයක ආබාධිත තත්ත්වය.නමුත් ඇය මෙන්ම ඇය පිටුපස තිබුණ දෙමව්පියන්ගේ දැන උගත්කමත් එක්ක ගලිනා පසුබාන්නෙ නැහැ.ඇය සාමාන්‍ය දරුවන් දැරියන් කරන දේවල් තමන්ගෙ මට්ටමෙන් කරන්න ගන්නවා.ඇය ආසියානු යොවුන් පැරා තරගාවලියෙ පිහිණුම් තටාගයේ රැජිණ විය.ආසියාවම දෙවන කර දන ගස්වන්ට තරම් ඇය ජයග්‍රාහි ලීලාවෙන් තටාග රැලි දෙපසට කර පිහිනා ගියේ කිඳුරියක් මෙන්ය.ඇය අද වත්තල යිසියම් නම් වූ තමන් අධ්‍යාපනය ලබන පාසල් පද්ධතියටම ආඩම්බරයක් වීමේ ගෞරවය භුක්ති වින්දාය.ලයිසියම් පිටුවෙන් මේ ඡියාරූප උපුටා ගන්නේ ඇය පාදයක් අහිමි වූවාට ජීවිතය අහිමි නොවන බව කියන්නට පෙන්නූ නිර්භීතභාවය ගැන ශක්තිය ගැන ආදරය සහ ගෞරවය දෙන්නටය.ඇය දෙස ලයිසියම් මහල්වලින් එබී ආදරය කියන ගෞරවය තිළිණ කරන යිසියම් වීමේ ආඩම්බරය ඇයගේ හැකියාවෙන් විඳින සහෝදර සිසු සිසුව්යන්ගේ පිංතූරයක්ද මේ අතර ඇත.ජීවිතය දිනන්නට අධිස්ටාන කර ගනිමු!

ගලීනා සොඳූරු දියණිය කියන ඒ ආදරණිය පණිවිඩයට අපේ ගෞරවාචාරය පුද කර සිටිමු!ගලීනා ඔබ ආදර්ශයේ කැපවීමේ සහ නොපසුබස්නා වීරියේ සංකේතයකි.හෙට රට ලොව ඉදිරියේද දිනවන්නට අපි ඔබට දිරිය ශක්තිය ලැබෙන්නට ආශිර්වාද කරමු!

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...