සිරියාවේ අල්-ෂාරා තාවකාලික ව්‍යවස්ථාවට අත්සන් තබයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මීට මාස තුනකට පෙර සිරියාවේ බෂාර් අල්-අසාද්ගේ රජය පෙරළා දැමීමට නායකත්වය දෙනු ලැබූ වත්මන් සිරියාවේ අන්තර්වාර ජනාධිපති අහමඩ් අල්-ෂාරා විසින් වසර පහක කාලයක සඳහා බලාත්මක වන තාවකාලික ව්‍යවස්ථාවකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

රාජ්‍ය නායකයා මුස්ලිම්වරයෙකු විය යුතු බවට සහ නීති විද්‍යාවේ ප්‍රධාන මූලාශ්‍රය ලෙස ඉස්ලාමීය නීතිය ස්ථාපිත කිරීම යන නියමය ඇතුළුව තාවකාලික ව්‍යවස්ථාව මඟින් සිරියාව සඳහා නව ඉතිහාසයක් බලාපොරොත්තු වන බව ෂාරා ප්‍රකශ කර තිබේ.

පෙර අල්-අසාද් රජය යටතේ සිදු කරන ලද අපරාධවලට නඩු පැවරීම සහතික කිරීම අරමුණු කරගත් මෙම ව්‍යවස්ථාවේ විධායක බලය ද ජනාධිපතිවරයාට පමණක් සීමා වනු ඇත. ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන තුනෙන් එකක් වන මහජන සභාවකට මැතිවරණ පැවැත්වෙන තුරු සියලුම නීති සම්පාදනය කිරීමේ කාර්යය පැවරෙනු ඇති අතර ඒ සඳහා වසර හතරක් හෝ පහක් ගතවනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...