කාගෙන් හරි ටියුෂන් අරන් හරි මිලේච්ඡ ඝාතන රැල්ල තුරන් කරන්න – විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි

Date:

කොළඹ LNW:කාගෙන් හරි ටියුෂන් අරගෙන හෝ මේ මිලේච්ඡ ඝාතන රැල්ල රටෙන් තුරන් කිරීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (14) පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය.

මේ මොහොත වන විට අධිකරණය තුළ සිදුවූ මිනිමැරුම ඝාතන සැලසුම සකස් කළ කාන්තාව මෙන්ම පොලිස්පති උසාවි නියෝගයෙන් බේරීම වෙනුවෙන් හැංගී සිටින අතර පොලිසියේ අයට පවා ඔහුව සොයා ගත නොහැකි වි ඇති හෙයින් මුළු රටේම මහජන ආරක්ෂාව අවුල් ගොස් ඇති බවයි විපක්ෂ නායකයා සඳහන් කළේ.

ඊයේ (13) දින ද බූස්ස බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරිවරයා මිලේච්ඡ ලෙස ඝාතනය කිරිමත් ගම්පහ වැලිවේරියේ වෙඩි තැබීම් ගණනාවක් සිදුව ඇති බවත් අගුණුකොලපැලැස්සේ තරුණයකුගේ මරණයක් හමුවීම, මීගහකිවුල, තල්දෙන, මූතුර් වැනි ප්‍රදේශ වල මිනිස් ඝාතන සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි තත්ත්වයක් තුළ මහජන ආරක්ෂාව පහත වැටි ඇති බවත් රජය මෙහි වගකීම භාර ගත යුතු බවත් අද වන විට රටේ තුන්බිය රජවන විශාලා මහනුවරක් නිර්මාණය වී ඇති බවත් මහපාරේ මිලේච්ඡත්වය ප්‍රචණ්ඩත්වය මැරකම් කල්ලි ත්‍රස්තවාදය සමාජයම වෙලාගෙන ඇති බවත් ප්‍රේමදාස මහතා කියාසිටියේය.

මෙම මිලේච්ඡ මිනිමරු සංස්කෘතිය නතර කරන්න ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බැවින් ඒ සදහා විපක්ෂයේ උපරිම සහයෝගය ලබා දෙන බවයි ඔහු පැවසුවේ.

හිටපු පොලිස්පතිව සොයාගැනීමට නොහැකි නම් නීතියේ ආධිපත්‍ය රජ කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් එම නිසා මේ ගැන විහිලුවට ලක් නොකර විසදුම් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිලාන් ගේ ගොඩට කුසලුත් වැටෙයිද?

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 78 ක ජයක්ප්‍රභාත්ගෙන් ලකුණු 56 ට කඩුුලු 5 ක්

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

CAVA 19 පහළ කාන්තා තරගාවලියට සහ ජාතික වෙරළ වොලිබෝල කණ්ඩායම්වලට දක්ෂයන් තෝරයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ...

ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන විදේශ...