බටලන්ද ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් !

Date:

බටලන්ද කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන ඉරිදා (16) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

1998 වසරේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ලබාදී තිබුණු එම වාර්තාව වසර 27කට පසු අද (14) දිනයේදී සභානායක බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

ඒ අනුව, එම වාර්තාවේ කරුණු සහ එම කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව සඳහන්.

ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල මැඩපැවැත්වීම සඳහා එවකට පැවති එජාප ආණ්ඩුව ගෙනගිය දරුණු මර්දනයේදී පවත්වාගෙන ගිය බටලන්ද වධකාගාරය පිළිබඳ තොරතුරු මෙරට දේශපාලනයේදී විටින් විට උඩට මතුවෙමින් යළි යටයමින් තිබුණු අතර මෑත කාලයේ මෙය යළිත් සංවාදයට පැමිණියේ රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනක අල් ජසීරා නාලිකාව සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී සිදුවූ ප්‍රශ්න කිරීම්වලින් පසුව ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : යාල ජාතික...

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...