නිශ්මං රණසිංහ ,මාර්තු 14, කොළඹ LNW:
ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන අවුරුදු 23 න් පහළ පළාත් ක්‍රිකට් තරගාවලියේ වයඹ පළාතේ ක්‍රිකට් තරගාවලිය අරඹමින් පැවති කුරුණෑගල සහ පුත්තලම් දිස්ත්‍රික් කණ්ඩායම් අතර තරගයේදී කුරුණෑගල කණ්ඩායමේ චමෝදි දේවින්ද්‍යා නොදැවී ලබා ගත් ලකුණු 70 සිකුරාදා (මාර්තු 13) පැවති තරගවලදී ක්‍රීඩිකාවක ගේ හොඳම ඉණිම වුණා.ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වූ චමරි අතපත්තුගේ පාසලෙන් බිහි වූ චමෝදිගේ මෙම ඉණිම නිසා කුරුණෘගල කණ්ඩායමට කඩුලු 3 ක් දැවී ලකුණු 161 ක් රැස් කරන්නට හැකි වූ අතර ප්‍රතිවාදි පුත්තලම කණ්ඩායම පන්දු ඕවර් 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 72 ට සීමා කර තරගයෙන් 89 ක ජයක් ලබන්නටත් සමත් වුණා.
එදින පැවති තරගවලදි චමෝදි හැරෙන්නට පිතිකාරිණියන් වෙතින් තවත් අර්ධ ශතත තුනක් වාර්තා වුණා.ඒ අතර තරගාවලියේ වාර්තා වූ එකම ශථකය වාර්තා කළ සුමුදු නිසංසලා ගාල්ල කණ්ඩායම වෙනුවෙන් වාර්තා කරන ලද ලකුණු 50 හතරේ පහර නවයකින් සහ හයේ පහර එකකින් යුත් පන්දු 27 ක් ලබා ගත් එකක් වූවා.ඒ නිසා ගාල්ල කණ්ඩායමට මාතර කණ්ඩායම ලබා ගත් ලකුණු 78 පසුකර පන්දු ඕවර් 7.5 දී කඩුලු 2 ට ලකුණු 81 රැස් කරන්නට ගාල්ල කණ්ඩායමට හැකි වුණා.
පොළොන්නරුවේ මලීශා දේශානි මාතලේ කණ්ඩායමට එරෙහිව රැස් කළ ලකුණු 50 හේතුවෙන් පළමු තරගයේදී මාතලේ කණ්ඩායම සමඟ වූ තරගයෙන් ලද පරාජය ජයග්රහණණයක් කරා ගෙන යන්නට පොළොන්නරුවට හැකි වුණා.මාතලේ කණ්ඩායම ලකුණු 112 ට දැවී ගිය අතර පොළොන්නරුව කඩුලු 3 ට ලකුණු 113 ක් ලබමින් ජයග්‍රහණය කරා රැඟෙන යන්නට මලීශාගේ ඉණිමට හැකියාව ලැබුණා.
ලබා ගත් ලකුණු 50 සමඟ සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැඟෙන යන්නට අසමත් වුූ ක්‍රීඩිකාව වූයේ බදුල්ල කණ්ඩායම නියෝජනය කළ සඳලි වීරසිංහයි.ඇය මොණරාගල දිස්ත්‍රික්කයට එරෙහිව ලකුණු 56 ක් රැස් කරනු ලැබුවා.එහෙත් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත මොණරාගල ලකුණු 17 න් මෙම තරගය ජය ගත්තේ 7 වන ඕවරයේ පළමු පන්දුව නිමා වන විට රැස් කර සිටි ලකුණු 46 ට අනුවයි.බදුල්ල කඩුලු 5 ට ලකුණු 119 ක් රැස් කළ අතර මොණරාගල කඩුලු නොදැවී රැස් කළ ලකුණු 46 න් හතරේ පහර පහක් සහ හයේ පහරක් සමඟ ලකුණු 34 ක් ලැබූ සිත්මි නෙහාරා ගේ ඉණිමද අර්ධ ශතකයක් තරම්ම වටිනාකමකින් යුක්තයි.
ගාල්ල කණ්ඩායම දකුණු පළාතේ අංක එකේ අපරාජිත කණ්ඩායම බව සහතික කරමින් නැවතත් මාතර කණ්ඩායමට එරෙහිව ලකුණු 58 ක ජයක් වාර්තා කරන්නට සමත් වුණා. ඒ අනුව දකුණු පළාතේ තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම බවට ගාල්ල දිස්ත්‍රික්කය තේරී පත් වෙනවා.





