ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට අයුතු බලපෑම්!

රෂිකා හෙන්නායක මාර්තු 14, කොළඹ LNW :

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට අදාළ අල්ලස් නඩුවේදී, විමර්ශන නිලධාරීන් ඔහුට අයුතු බලපෑම් කළ බවට ඔහුගේ නීතිඥවරුන් අධිකරණය හමුවේ චෝදනා කර ඇත.

නීතිඥ සහාය නොමැති අවස්ථාවක අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් දේශපාලනඥයන්ගේ නම් හෙළි කරන ලෙස ඔහුට බලපෑම් කර ඇති බවත්, එමඟින් අසත්‍ය ප්‍රකාශ ලබාගත් බවත් මෙහිදී අනාවරණය වී ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකකරුට මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පෞද්ගලික ප්‍රකාශයක් කිරීමට අවසර ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥවරයා මෙහිදී ඉල්ලා සිට ඇති අතර, .ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, එම ඉල්ලීම ඉදිරි නඩු වාරයේදී නැවත ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් නඩුව කල් තබන ලදී.