Home විදෙස් ප්‍රංශය සහ ඉතාලිය ඉරානය සමඟ ගිවිසුම්ගත වීමේ උත්සාහයක!

ප්‍රංශය සහ ඉතාලිය ඉරානය සමඟ ගිවිසුම්ගත වීමේ උත්සාහයක!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂිත ගමනක් සඳහා ප්‍රංශය සහ ඉතාලිය ටෙහෙරානය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඔවුන්ගේ නැව් ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීම සඳහා ඉරානය සමඟ ගිවිසුමක් ඇති කරගැනීමටඑම රටවල් දෙක උත්සහ ගන්නා බවයි වාර්තා වන්නේ.

ආරක්ෂක තත්ත්වය ස්ථාවර වූ පසු “හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීම” සඳහා ප්‍රංශය සහය වීමට නියමිත බවත් දැක්වෙයි.

2024 දී යුරෝපා සංගම් නොවන සාමාජික රටවලින් ආනයනය කරන ලද බොරතෙල්වලින් සියයට 6.2 ක් සහ LNGවලින් සියයට 8.7 ක් පමණ මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇත.

මේ අතර ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය සිදුකරන ඒකාබද්ධ හමුදා මෙහෙයුම්වලට ඉතාලිය තවදුරටත් සහයෝගය ලබා නොදෙන බව ඉතාලි අගමැති ජෝර්ජියා මෙලනි පවසා තිබේ.

ඉතාලි පාර්ලිමේන්තුව අමතමින් ඇය මේ බව පවසා ඇති අතර ඒ අනුව ඉතාලි හමුදා මැදපෙරදිගින් ඉවත්කර ගැනීමට නියමිතයි.

ඉතාලිය මැදපෙරදිගට එරෙහි යුද්ධයේ කොටසක් නොවන බවත්, ඉරානයට එරෙහි යුද්ධයකට ඉතාලිය සහභාගි නොවන බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ.