රෂිකා හෙන්නායක මාර්තු 14, කොළඹ LNW :
මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කරන ලද FALCON E1 විද්‍යුත් රේසිං මෝටර් රථය එළිදැක්වීම සහ ඒ සඳහා Alumex සමාගම ලබාදුන් සුවිශේෂී දායකත්වය ඉතා ඉහළය.
මෙරට ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදකයෙකු වන Alumex ආයතනය, රථයේ සැහැල්ලු බව සහ ශක්තිමත්භාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ තාක්ෂණික සහය නිල වශයෙන් සපයා ඇත.

ශ්‍රී ලාංකීය ඉංජිනේරු ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් දිරිගැන්වීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය හරහා සිසුන්ට සිය දක්ෂතා ජාත්‍යන්තර වේදිකාවකට ගෙන යාමට අවස්ථාව උදා වේ. ඒ අනුව, ස්පාඤ්ඤයේ පැවැත්වෙන Formula Student Spain තරඟාවලිය සඳහා මෙම කණ්ඩායම සහභාගී වීමට නියමිත අතර, එය මෙරට තාක්ෂණික දියුණුව විදහා දක්වන වැදගත් සන්ධිස්ථානයකි.

තිරසාර ප්‍රවාහන විසඳුම් සහ දේශීය ඉංජිනේරු කුසලතා නංවාලීම වෙනුවෙන් පෞද්ගලික අංශය සහ අධ්‍යාපනික ආයතන අතර පවතින සහයෝගීතාවය මෙම ප්‍රභවය මගින් මනාව පැහැදිලි කරයි.





