වෙනස් අවශ්‍යයතා සහිත ප්‍රජාව ඉන්දියාවේ පැවති ක්‍රිකට් තරගාවලියේදී එම සූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මුණ ගැසීමට පැමිණි අතර එහිදී අමාත්‍යවරයා, ක්‍රීඩාව ගොඩනැගීමට ඇති අභියෝග ගැන පවසමින්,යම් යම් අවස්ථාවන්වලදී නිළධාරීන් දූෂණ වංචා සිදු කර ජාත්‍යන්තර සංගම් ඉදිරියට ගොස් ‘‘දේශපාලන බලපෑම්’’ කියන වචනය භාවිතා කර තමන් බේරෙන්නට උත්සාහ කරන බවය.මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා තවමත් විශ්වාස කරන්නේ ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වල තීරණවලට අනුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පණත සකස්වීම සිඳු නොවිය යුතු බව ගම්‍ය වන්නේය.ලංකාවේ ක්‍රීඩාව ක්‍රියාත්මක වන නීති පද්ධතිය සහ චර්යා රටාවන් ක්‍රීඩා ඇමතිගේ හැඩේට වෙනස් කරන්නට ගොස් රටේම ක්‍රීඩාව යම් අනතුරකට මුහුණ දී තිබෙන මොහොතක ක්‍රීඩා අමාත්‍යවරයා තවමත් තමන්ගේ පොලිස්කාර මානසිකත්වයේම රැදී සිටිම,ඔහු හෝ ඔහුගේ උපදේශකයන්ට ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව කඩා වැටී ඇති තත්ත්වය නොසළකා හැරීම බව මේ අදහස් හරහා පැහැදිළි වීම භයානක තත්ත්වයකි.
දැනටමත් පාපන්දු ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් තහනමකට ලක්ව තිබියදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආශිර්වාදය ඇතිව ජාත්‍යන්තරය පිළිනොගන්නා බලයට පැමිණි පාර්ශවයට ශ්‍රී ලංකාවේ පාපන්දු පරිපාලනයට අවස්ථාව ලබා දී ඇත.ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා මාධ්‍ය්‍යට පවසන ආකාරයට පත්වී ඇති පාපන්දු පරිපාලනයට අවශ්‍යය වුවහොත් උපදෙස් දීම කරනු ලබන අතර ඔවුන්ට ස්වාධීනව කටයුතු කරන්නට අවසර දී ඇත.
සැබවින්ම එම තහනමට පාදක වූ කාරණාව වන්නේ ක්‍රීඩා අමාත්‍යංශය සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය අතර ඇති කරගත් එකඟතා අනුව ක්‍රීඩා අමාත්‍යංශය නිලවරණය නොපැවත්වීමය.ක්‍රීඩා අමාත්‍යංශයම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමඟ සාකච්ඡා පැවත් වූ බව ප්‍රසිද්ධ කළ අතර ඉන් සමහර ඒවා එවකට පැවති පාපන්දු පරිපාලන නිලධාරීන්ගෙන් තොරව පැවත් වූ බව ද වාර්තා කළේය.ක්‍රීඩා පණත ප්‍රකාරව අමාත්‍යංශයට සහ අමාත්‍යවරයාට එවකට පැවති පරිපාලනය සම්බන්ධයෙන් ගත හැකිව තිබූ කිසිඳු පියවරක් නොගෙන කල් මැරූ අතර අනතුරුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට මෙරටට පැමිණීමට සිඳුවන තෙක්ම අමාත්‍යංශය ඒවා දරා සිටියේය.
එල්ල වූ මූල්‍යමය චෝදනා අතර විශාල සැක සහිත මූල්‍ය ගණුදෙනු වාර්තා වූයේ රොෂාන් රණසිංහ අමාත්‍යවරයාට පෙර සිටි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ පියාගෙ නමින් පැවත් වූ ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය ඇසුරේය.ජපානයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවීමට ද නාමල් රජපක්ෂ අමාත්‍යවරයාට අනුග්‍රහය දුන්නේ රොෂාන් රණසිංහ බව නාමල් රාජපක්ෂයන්ම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර නමුත් ඇමති මාරුවෙන් පසුව යම් යම් සිත් බිදීම් සමඟ රොෂාන් රණසිංහ තබාගෙන සිටි නාමල්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ද දියව ගියේය.ඒ අනුව පාපන්දු පරිපාලනය සම්බන්ධ මිත්‍රශීලී හැඟීමද දියව යමින් ශ්‍රී රංගාගේ සම්ප්රාප්තියත් සමඟ ඇල්ලූ අඩවිව අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් වැටී ඇති අතර මේ වන විට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ උපකාර සහ සේවාවන් නැතුව පාපන්දු කේෂ්ත්‍රයේ දැඩි කඩා වැටීමක් ඇතිව තිබියදීත්,ක්‍රීඩා අමාත්‍යවරයා ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමතිගේ යටතේ ඔවුන්ගේ මූලික සිද්ධාන්ත නොසළකා හැරිය යුතුය යන අන්දමේ මුග්ධ හැසිරීමක් ප්‍රකට කරමින් ඇත.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ තීරණ සහ බලපෑම් මත එම නිලවරණය මෙහෙය වූ බවට ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල්වරයා යම් යම් වැළක්විම් කරමින් නිකුත් කරන ලද ලිපිවලින් ද සනාත කර ගන්නට කරුණු තිබියදී ජාත්‍යන්තරය පවසන තුන්වන පාර්ශවය දේශපාලනික වන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා දේශපාලනඥයෙක් වන බැවිනි.එසේම දැනටමත් යම් යම් කරුණු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා කරන ලස ක්‍රීඩා පණතේ සංශෝධන අත්හිටුවමින් නඩු කටයුතු සිඳුවන අතර කීඩා අමාත්‍යවරයා දූෂණවලින් වැළකෙන්නට යන චෝදනාව කරන්නේ කුමන පදනමකින්ද යන්න විශ්වාස කළ නොහැකිය.
එතුමා රගර් වැනි ක්‍රීඩාවක් සම්බන්ධයෙන් දූරස්ථව කටයුතු කරන්නේ එම පරිපාලනය ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීමකින් තොරව ක්‍රීඩාව අනුග්රහයන් සොයා ගෙන පවත්වා ගෙන යන තත්ත්වයක් තුළය.එසේම හිටපු පරිපාලනයන්ට අතුරු කමිටුවලට යම් යම් චෝදනාවන් එල්ල වී ඇත්තේ රගර් ණය කිරීම සහ ගිණුම් හිස් කිරීම සමබන්ධයෙන්ය.එසේම විදේශීය ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරවීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වූ නිලධාරීන් ඇති අතර අද ද ඒ නිසා ජාත්‍යන්තර රග්බි සම්මේලනයෙන් දෙන ආධාර මුදල් කපා හැරීමක් සිඳු කරමින් ඇත.ඊට වගකිව යුතු චෝදනාලාභීන් මේ වන විට ආසියානු වගකීම් දරන්නන් දක්වා දුර ගොස් සිටින අතර ඇතැමෙක් සිටින්නේ අමාත්‍යවරයාව මෙහෙයවන ජාතික ක්‍රීඩා සභාවේ ය.
නමුත් අමාත්‍යවරයා ඔවුන් විශ්වාස කරන අතරේ රගර් නඟා සිටුවන්නට කටයුතු කරන රගර් පරිපාලනය විනාශ කරන්නට උත්සාහ දරන්නේය.එහි හැඟවුම මං යටතෙ මට වැඳ නමස්කාර ගෙන ඉන්න මං ඇමතිය කියන කාරණය වන්නට ද පුළුවන්ය.අමාත්‍යවරයා එවැනි හැඟීමක් ඇතිව කටයුතු නොකරන අයෙක්නම් කළ යුතුව ඇත්තේ තමන්ට ද අමාත්‍යංශ්‍යට ද අඩුවෙන්ම මැදිහත් විය යුතුව ඇති නිදහසේ විධිමත්ව කරගෙන යන පරිපාලනවලට ආශිර්වාද කිරීම සහ දිරි දීමය.
ශ්‍රී ලංකා ක්‍රිකට් හරහා රටේ වෙනත් ක්‍රීඩාවන්ගේ පමණක් නොව ජාතිකමය ප්‍රශ්නවලට ද උපකාර ලබා ගන්නා අතරේ ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා කරන අතරේ ක්‍රිඩා අමාත්‍යවරයා ක්‍රිකට් සඳහා පරිපාලන හැඩයේ වෙනස්කමක් ඇති කිරීමට උත්සාහ දරමින් කමිටු පත් කරමින් සිටියි.
ක්‍රිකට් පරිපාලනයට අයත් නොවන වෛද්‍ය කේෂ්ත්‍රය,අධ්‍යාපන කේෂත්රය මෙන්ම වෙනත් ක්‍රීඩාවන්ට ද ක්‍රීඩා අමාත්‍යංශයේ සුබ සාධන සමිතියටද ක්‍රිකට් හරහා අරමුදල් ලබා ගැනීමට මැදිහත් වෙමින් අමාත්‍යවරයා එහි මූල්‍ය පාලනය ආදි කරුණු සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශ යම් ආකාරයකට විකාර සහගතය.ක්‍රීඩා අමාත්‍යවරයා කී විට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනත් විෂයන් සම්බන්ධයෙන් මුදල් හෙලවිය යුතු නැති අතර ක්‍රීඩා අමාත්‍යවරයා එවැනි ඉල්ලීමක් කරන්නේනම් සහ නියෝගයක් දෙන්නේනම් එය ද ක්‍රිකට් ආයතනය වෙත යම් බලපෑමක් කිරීමක් හැටියට ගත හැකිය.
නමුත් රටේ ක්‍රිකට් වියදම අනවශ්‍යය විදිහට සිඳුවන බව කියන අමාත්‍යවරයා එම ගිණුමම තමන්ගේ වැඩ කටයුතු සඳහා යොදා ගැනීම සදාචාර නැත.ඒවා මාධ්‍යයට යාම ද යම් ආකාරයකින් වළක්වන අතර යාපනයේ සංචාරයේදී ක්‍රිකට් ආයතනයේ ආධාර බෙදීමක් සිඳු වුව ද,එහි දී අමාත්‍යවරයා ක්‍රිකට් නිලධාරීන් සමඟ පෙනී සිටිමෙන් මඟ හැරී එම කටයුතු කරන්නට උත්සාහ දැරුවේය.
කබරගොයාම තලගොයා ද කර ගන්නා ක්‍රියාවන් ද ඇතුළුව අප විසින් දිගින් දිගටම කරන ලද විවේචනවලින් පසුව තමන්ගේ විෂය පථයට අයත් ආයතනවල හතරකොන හෝ දැක ගන්නට ගිය අමාත්‍යවරයා අදාළ ආයතනවල ක්‍රියාකාරීත්වය සහ ක්‍රීඩා පණතට අදාළ කාර්යයන් හෝ ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ චර්යාවන්ගේ හැඩය නිවැරදිව අවබෝධ කර ගන්නට හෝ කටයුතු කර නැති බව පැහැදිළිය.ඒ නිසා ම වෙනත් අමාත්‍යංශවල ජාතික ප්‍රතිපත්ති ඇමති හැඩේට සැකසෙන ආකාරයට ක්‍රීඩාවේ හැඩය ද තමන්ට ලැබුණු ජනවරම තමන්ට රිසි සේ කටයුතු කරන්නට දී ඇති වරමක් සේ සිතා කටයුතු කරමින් සිටියි.ක්‍රීඩාව දන්නා බව සිතා අමාත්‍යවරයා සමීප කරගත් බොහෝ අයට තමන්ට ක්‍රීඩාවේ ඉලක්ක තිබෙන අතර ඒ සඳහා අවශ්‍යය දේශපාලන ආශිර්වාදය අපේක්ෂාවෙන් අමාත්‍යවරයා ගනු ලබන තීරණ වෙනුවෙන් ආශිර්වාද කරමින් පෙනී සිටින අතරේම තමන්ගේ අවශ්‍යයතාවයන් උදෙසා අමාත්‍යවරයා මෙහෙයවීමට පෙනී සිටියි.
නිෂ්මන් රණසිංහ