ලංකා බැංකුවේ නව සභාපති කාවන් රත්නායක වැඩ භාරගනී

Date:

ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත් කෙරුණු කීර්තිමත් වෘත්තිකයකු වන කාවන් රත්නායක මහතා එම ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ඊයේ (14) ආරම්භ කළේය.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් එම පත්කිරීම අනුමත කර ඇත. 2023 වසරේ ජනවාරි මස සිට ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතාගෙන් පසුව මෙම නව පත්කිරීම සිදුකර තිබේ.

ලංකා බැංකුවේ සභාපති තනතුරට පත් වීමට පෙර ජාතික සංවර්ධන බැංකුව (NDB), ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යන ආයතනවල සභාපති තනතුරු දරා ඇති රත්නායක මහතා, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසත් කාගිල්ස් සිලෝන් පීඑල්සී සහ ඩයලොග් ආසියාටා යන සමාගම්වල සමූහ ප්‍රධාන ආයතනික නිලධාරිවරයා ලෙසත් ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක්ස්හි ප්‍රධාන විධායක නිලධාරී සහ IBM ශ්‍රී ලංකාහි මෙරට සාමාන්‍යාධිකාරී (Country General Manager) ලෙසත් සේවය කර ඇත. ඒ මහතා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ (භෞතික විද්‍යාව) විද්‍යාවේදී උපාධිය ලබා තිබෙන අතර IBM SRI LANKA හි මෙරට සාමාන්‍යාධිකාරීවරයා ලෙස ද Dialog Broadband හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද Dialog Axiata PLC හි ප්‍රධාන ආයතනික නිලධාරියා ලෙස ද කටයුතු කර තිබේ. ලංකා වාණිජ මණ්ඩලයේ කමිටු සාමාජිකයකු ලෙස ද ලංකා සේවා යෝජකයන්ගේ සම්මේලනයේ කවුන්සිල සාමාජිකයකු ලෙස ද ඒ මහතා කටයුතු කර ඇත.

කාවන් රත්නායක මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ වැඩිමල් සොහොයුරා ද වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...