අපේ ආණ්ඩුවත් IMF එක්ක ඉදිරියට යනවා. ගිවිසුමේ කොන්දේසි වෙනස් කරනවා. වාරිකය දෙන්න එපා කිව්වේ නෑ – විජිත

Date:

තම රජයක් යටතේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කරන බවත් එහි ඇතැම් කොන්දේසි සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

“ජනතාව මත බදු පටවපු එකයි, ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිකරපු එකයි, අපේ රාජ්‍ය සම්පත් විකුණන්න තීන්දු කරපු එකයි හැර ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන එක තවම සාර්ථකව අවසන් වෙලා නෑ. එය අවසන් වෙන කාලයක් නිශ්චිත වෙලාත් නෑ. ඒ නිසා අපි ඉතා පැහැදිලිව IMF එකට කිව්වෙ අපි කැමති වුණත් අකමැති වුණත් ඒ ගිවිසුම ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේකෙ ජනතාවට අහිතකර දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා අපේ පාලනයක් යටතේ IMF ගිවිසුම නැවත සමාලෝචනය කරලා, ජනතාවට අහිතරකර ජනතාවට පීඩා ගෙනදෙන කොන්දේසි ඉවත් කරලා ඉදිරියට යන්න අපි සූදානම් කියන එක දැනුම් දුන්නා”

ප්‍රශ්නය – අත්සන් කරපු ගිවිසුමක් එහෙම වෙනස් කරන්න පුළුවන්ද ?

“පුළුවන්. ඕනෙ තරම් ලෝකෙ වෙනස් කරලා තියෙනවා. ඕනෙම ආණ්ඩුවකට එහෙම වෙනස් කරන්න පුළුවන්”

ප්‍රශ්නය – මේ සාකච්ඡාවත් එක්ක ඔවුන් ප්‍රකාශ කළාද මීළඟ IMF වාරිකය ලංකාවට දෙනවාද නැද්ද, මොනවගේ තැනකද ඔවුන් ඉන්නෙ කියලා ?

“අපි වාරිකය දෙන්න එපා කියලා කිව්වෙ නෑ. මොකද, ලංකාවේ අද තියෙන ආර්ථික තත්වය අනුව එහෙම දෙන්න එපා කියන්න අපි කොහෙත්ම කැමති නෑ”

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (14) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී IMF නියෝජිතයින් හමුවීමෙන් අනතුරුව ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...