සජබ e කොළම.

Date:

අශෝක ජයතුංග

මාර්තු 15 වොෂින්ටන් LNW :

🎀කාන්තා දිනය දා කාසල් කාන්තා රෝහලට ලක්ෂ 46 ක උපකරණ දුන් සජිත් හා ජලනි හවස කොළඹ අඩු ආදායම්  කාන්තාවන්ට ලක්ෂ 155 ක ආහාර මළු බෙදා කාන්තා දිනය සමරයි.

🎀කාන්තාවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය ඇති කිරීමට සජබෙන් වැඩ පිළිවෙලක්.

🎀වසර 03 කට පෙර සජිත් හා ජලනි කොළඹ කාසල් කාන්තා රෝහලට පරිත්‍යාගකල යන්ත්‍රයකින් මව්වරු ලක්ෂ දෙකකට වටිනා සේවයක් ලබා දුන් බව එම වෛද්‍යවරු ප්‍රකාශ කරති.

🎀මොන චක්‍රලේඛ ගැහුවත් සජිත් ජලනි ගේ පාසල් බස් බෙදිල්ල දිගටම. මුතුර් කිනියා මධ්‍ය විදුහලට අමතරව අනුර දිසානායකගෙ පාසලට බසය දුන් වෙලේ ඉල්ලපු තලාව මහ විදුහලටත් බසයක්.

🎀 සජිත් ජලනි ගෙන් 122වන ස්මාර්ට් පංතිය අනුරපුර කේ. බී. රත්නායක මහ විදුහලට. 123 සීතාවක ජෝන් බොස්කෝ හා 124 කඩුවෙල සෝමානන්දය ට.

🎀කාන්තාවන්ට නොමිලේ පෑඩි දෙන බව කීවම එදා හිනාවුණ අය අද පෑඩි වලට අධික බදු ගහලා. සජබ රජයකින් කාන්තාවන්ට නොමිලේ පෑඩි දෙන බවට සජිත් ප්‍රතිඥා දෙනවා – සජබ කියයි.

🎀අනුර කෘෂි ඇමති කාලේ හැමදාම උදේට ඩඩ්ලිට කතා කරල මිසක් ගොවීන්ට කතා කරල හාල් මිල තීන්දු කළේ නෑ -කබීර්.

🎀ආණ්ඩුව පළාත් පාළන මැතිවරණය ගිලලා දැන් හරියටම අවුරුද්දයි ඉතිරි ඒවටත් ඒකම කරන්න හිතේ ඇති. ඒත් හරියන්නෙ නෑ – මරික්කාර්.

🎀500% කින් ලයිට් බිල වැඩිකරලා 21% කින් අඩු කිරීම මුලාවක්. මණ්ඩලය ලබන අධික ලාභය තුළ අවශ්‍ය නම් කව සහන දිය හැකියි – අජිත් පී.

🎀fb එකවුන්ට් 50 ක් විතර හදාගෙන බොරු නම් වලින් කඩේ ගියාට තමාට තියෙන්නෙ එක ඡන්දය බව සමහරුන්ට මතක නෑ – රන්ජන්.

🎀ආර්. ප්‍රේමදාස ජනපති වගෙම සජිත් අසරණ ජනතාවට කල හැකි උදව් කරනවා. බස්, සුහුරු පංති කාමර, පාසල් වලටත් රෝහල් වලට ඹෟෂධ හා උපකරණ බෙදීම රට දෙවරක් කාල රටේ දේපොළ වනසපු රට වසර 10 කින් රිවස් ගෙනියපු මිණීමරු පක්ෂ වලට ඉවසුම් නෑ – සුජීව සේනසිංහ

🎀තමා බලයෙන් පහවුණේ කුමන්ත්‍රණ නිසා බව ගෝට පොත් පෙරළල කිව්වට පාස්කු ප්‍රහාරයේ සාපය හා ඔහුගෙ තකතීරු මෝඩ තීරණ නිසයි රට බංකොලොත් වුණේ හා එයාට  ජනතාව ගහල එළෙව්වේ – හිරුණිකා.

🎀ජනපති සටන සජිත් හා අනුර අතර බවත් සජිත් පහසු ජයක් ලබන අතරේ සෙසු සියලු අපේක්ෂකයන් “අවුට්” බව ඒකාන්තයි – දිගම්බරම් කියයි.

🎀රටේ ලොකුම බැංකුවේ මහ පුටුවත් ගජමිතුරු කල්ලියේ අයියා කෙනෙකුට – සජබ කියයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...