වයඹ පළාත් රාජ්‍ය සේවයයේ දොළොස් වන(12) පළාත් ප්‍රධාන ලේකම්වරිය වැඩ අරඹයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 15, කොළඹ (LNW):අද (15) පෙරවරුවේදී වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ සේවයේ නිලධාරිනියකවූ දීපිකා ගුණරත්න වයඹ පළාත් ප්‍රධාන ලේකම් කාර්‍යාලයේ දී වැඩ භාරගත් බව වාර්තා වේ.

රාජ්‍ය කළමනාකරණ සේවයෙන් රාජ්‍ය සේවයට එක්ව අති දීපිකා ගුණරත්න මහත්මිය, ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගය සමත්ව සහකාර ප්‍රාදේශීය ලේකම්වරියක, ප්‍රාදේශීය ලේකම්වරියක, අමාත්‍යාංශ අතිරේඛ ලේකම්වරියක ලෙස මෙන්ම දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ලෙස ද කටයුතු කර ඇති ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරීනියකි.

වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරිය ලෙස පත්වීමට පෙර ඇය දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම්වරිය ලෙස සේවය කරමින් සිට ඇති අතර, වයඹ පළාත් රාජ්‍ය සේවයයේ දොළොස් වන(12) පළාත් ප්‍රධාන ලේකම්වරිය වන දීපිකා ගුණරත්න වයඹ පළාත් ප්‍රධාන ලේකම් තනතුරට පත් එකම කාන්තා නිලධාරිනිය ද වීම විශේෂයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...