කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්තමානය?

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 15, කොළඹ (LNW): පසුගිය සතියේ සියලු කොටස් මිල දර්ශකය සාමාන්‍ය වර්ධනය සියයට 2.63 ක අගයේ පවතින අතර, කොළඹ කොටස් වෙළෙඳපොළේ පසුගිය සතියේ පිරිවැටුම රුපියල් බිලියන 8.87 ක් වන බව කොළඹ කොටස් වෙළෙඳපොල නිවේදනය කරයි.

කොටස් වෙළදපොළ සදහන් කරන්නේ, එස් ඇන්ඩ් පී /එස් එල්  විස්ස දර්ශකයේ සාමාන්‍ය වර්ධනය මෙම සතියේදී සියයට 3.11 ක් බවයි.

මාර්තු 15 වන දිනට වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 4495.36 ක් ලෙස සටහන් වන අතර, බ්ලූ ඩයමන්ස් ජුවලරි වර්ල්ඩ් වයිඩ් / ස්ටෑන්ඩඩ් කැපිටල් / ලන්කෙම් ඩිවෙලොප්මන්ස් / සිලෝන් ප්‍රින්ටර්ස් හා ඒෂියා ඇසෙස්ට් ෆයිනෑන්ස් යන සමාගම් මෙම සතියේ ඉහළම වර්ධනයක් පෙන්නුම් කළ කොටස් ලෙස දැක්විය හැකියි.

රුපියල තවත් ශක්තිමත් කරමින් ඩොලරයේ අගය 300 සීමාවට ලංව තිබෙන අතර, ඇමෙරිකා ඩොලරයේ ගැනුම් මිල සටහන් වන්නේ රුපියල් 300.60ක් ලෙසයි. එහි විකුණුම් මිල රුපියල් 310 ශත 20 ක් ලෙස සටහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට සතුරන් නැහැ,ඉන්නෙ පස මිතුරන් – ප්‍රසන්න ජයවීර වුෂු වයස 50 සපුරන මොහොතේ දී පවසයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: ලංකාවේ සටන් කලා කේෂ්ත්‍රයේ දැවන්තයෙකු...

මන්ත්‍රීලාට වැඩ කරන්න යන්න වාහනයක් නෑ. පහුගිය කාලෙ අත්පුඩි ගැහුවාට දැන් තමා අපිට තේරෙන්නේ – ඇමති රුවන්

පළාත් පාලන ආයතනවලට අලුතින් මහජන නියෝජිතයින් පත්වූවත් ඔවුන්ට ගමන්...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී ඌව සහ...