අද නවසීලන්තෙත් පෙට්‍රල්, ගෑස් පෝලිම්. ජනතාවට පොඩ්ඩක් ඉවසන්න වෙනවා – පොහොට්ටු මන්ත්‍රී

Date:

මේ වනවිට ලෝකයේ සෑම රටකම පාහේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් මෙය දවසකින් දෙකකින් විසඳෙන තත්වයක් නොවන නිසා ජනතාවට මඳක් ඉවසීමෙන් සිටීමට සිදුවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා පවසයි.

“අද වෙනකොට ඩොලර් අර්බුදයක් තියෙනවා. අපේ රටේ පමණක් නෙවෙයි, දැන් මට නවසීලන්තයෙන් පෙට්‍රල් පෝලිම්, ගෑස් පෝලිම් තියෙන ෆොටෝස් එවලා තියනවා. ඒ රටවල්වලත් එහෙමයි. එංගලන්තයේ, ඇමරිකාවෙත් එක පාරට තුන්වරක්. එංගලන්තෙ ටැංකියෙන් බාගයයි ගහන්නෙ. හැම රටකම … මොකද දැන් තමයි කොවිඩ් – 19 වසංගතය සමථයකට පත්වෙන්නෙ. දැන් තමයි රටවල් ස්ථාවර වෙන්න පටන් ගත්තෙ. හැබැයි දැන් ඒ එක්කම රුසියා – යුක්‍රේන් යුද්ධය පටන්ගෙන දැන් එතනත් අර්බුදකාරී තත්වයකට ඇවිල්ලා තියෙන්නෙ. මේක එක දවසෙන් දෙකෙන් සිදුවෙන්නෙ නෑ. අපට පොඩ්ඩක් ඉවසන්න වෙනවා”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...

සුඩානයේ සිවිල් යුද්ධයට වහාම සටන් විරාමයක් අවශ්‍යයි – Antonio Guterres

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කුරිරු සිවිල්...

රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පැය 24ක් තුල...