විවෘත ආර්ථිකය තමයි ප්‍රශ්නයට මුල. එහි ප්‍රතිඵල අද අපට ගෙවන්න වෙලා – ඇමති දිළුම්

Date:

පසුගිය ආණ්ඩු විසින් විවෘත ආර්ථිකය ඔස්සේ රාජ්‍ය ආයතන විකුණමින් සියල්ල පිටරටින් ආනයනය කරන තැනට රට පත් කිරීමේ ප්‍රතිඵලය අද වත්මන් ආණ්ඩුවට ගෙවීමට සිදුව ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

“මේ සියලු දේම වගකීම අපි රජය හැටියට බාරගන්න ඕනෙ. අපට නැහැයි කියන්න බෑ. හැබැයි නරක තත්වයක් වඩාම හොඳ තත්වයෙන් කළමනාකරණය කරන්නෙ කොහොමද කියන එක පිළිබඳ වගකීම පැවරෙන්නෙ රජයට. ඒ රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකුණලා දාලා, විවෘත ආර්ථිකය කියලා දොරවල් විවෘත කරලා, අද අපි කොළේට ගහන ස්ටේප්ලර් කටුව පවා පිටරටින් ගේන තත්වයට මේ රට පත්කෙරුවෙ කවුද කියන කාරණාවත් අපි කල්පනා කරලා බලන්න ඕනෙ. එක රජයක් නොවෙන්න පුළුවන්. රජයවල් කීපයක් වෙන්න පුළුවන්. හැබැයි මූලිකව ඒවාට මුල්වුණේ කවුද කියලා බැලුවොත් අද කෑගහන අයගේ තාත්තලා, සීයලා, අප්පොච්චලා තමයි මේ වැඩ කටයුත්ත ආරම්භ කෙරුවේ. ඒකෙ ප්‍රතිඵල ගෙවන්න වෙලා”

අමාත්‍ය දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...

බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ

සටහන - රුවන් නෙළුගොල්ල Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම...