සංචාරකයින් මිලියන 03ක් ගෙන්වා ගැනීමේ ඉලක්කයක්!

Date:

කොළඹ LNW:මෙම වසරේදී සංචාරකයින් මිලියන 03ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

ජනවාරි සහ පෙබරවාරි මාස 02 තුළ පමණක් ලක්ෂ 05ක විදෙස් සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අද(15) අයවැය කාරක සභා අවස්ථාවේදී , විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද (15) පාර්ලිමේන්තුවේදී මේ බව කියාසිටියේය.

මේ දිනවල හත්දහත් අටදහත් අතර විදෙස් සංචාරකියින් ප්‍රමාණයක් දිනකට මෙරටට පැමිණෙන බවත්, ඔවුන් වෙනුවෙන් යටිතල පහසුකම් දියණු කිරීමේවැඩසටහන් මේ වන විට ආරම්භ කර ඇති බවත් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

මේ අතර සෘජුව සහ වක්‍රව සංචාරක කර්මාන්තය හා සම්බන්ධ සියලු පුද්ගලයන් නගා සිටුවීම සඳහා විවිධ පුහුණු වැඩසටහන් ආරම්භ කර තිබේ.

සංචාරක කළමනාකරණ ආයතනය මෙතෙක් කල් ලබාදුනනේ ඩිප්ලෝමා පාඨමාලා පමණක් බවත් ඉදිරියේදී, විශ්ව විද්‍යාල කොමිෂන් සභාව සමග සාකච්ඡා සංචාරක ක්ෂේත්‍රය සඳහා උපාධි ලබාදීමේ වැඩසටහන් සම්බන්ධයෙන්ද සාකච්ඡා සිදුකරන බවද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...