ලිංගික අපයෝජනයකට ලක්ව මියගිය අට හැවිරිදි දැරියගේ සිද්ධියෙන් බංග්ලාදේශය ඇවිලෙයි!

Date:

කොළඹ LNW:අට හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයකට ලක්ව මිය යාමේ සිද්ධියක් නිසා මේ වන විට බංග්ලාදේශය පුර විරෝධතා උත්සන්න වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ලිංගික අපයෝජනයේදී ඇති වූ තුවාල හේතුවෙන් දින හයක් අසාධ්‍ය තත්ත්වයෙන් ඩකා අගනුවර ඒකාබද්ධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම පසුගිය බ්‍රහස්පතින්දා මියගොස් තිබුණි.

මගුරා නගරයේ සිය වැඩිමහල් සහෝදරියගේ නිවසට යමින් සිටියදී එම දැරිය අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇති අතර දැරියගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසිය එම මියගිය දැරියගේ වැඩිමහල් සහෝදරියගේ 18 හැවිරිදි සැමියා හා ඔහුගේ නිවැසියන් අත්අඩංගුවට ගෙන තිබේ.

දැරියගේ මරණය සැලවීමත් සමඟ සිද්ධියට චෝදනා ලබා සිටින පුද්ගලයාගේ නිවසට පිරිස් ගිනි තබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ මියගිය දැරියට සාධාරණය ඉටුවිය යුතු බවටයි.

ළමා හා කාන්තා ලිංගික අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් බංග්ලාදේශයේ 2020දී සම්මත කරන ලද නීතියට අනුව එරට බාල වයස්කාර දරුවන් ලිංගික අපයෝජනයට ලක් කිරීම මරණ දඬුවම නියම වන වරදක් ලෙසද දැක්වෙයි.

කෙසේවෙතත් එරට නීතිය සහ බේරුම්කරණ මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය වසර අට තුළ බංග්ලාදේශයේ ළමා අපයෝජන නඩු 3438 ක් ගොනු කර ඇති අතර, තවත් බොහෝ වින්දිතයින් සිටින බව දැක්වෙයි.

ඔවුන්ගෙන් අවම වශයෙන් 539 ක් වයස අවුරුදු හයට අඩු අය වන අතර 933 ක් වයස අවුරුදු හතත් දොළහත් අතර අය බව සඳහන්.

බොහෝ අවස්ථාවලදී දරුවන් ලිංගික අපයෝජනයන්ට ලක් කරනු ලබන්නේ ඔවුන් දන්නා පුද්ගලයින් විසින් බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ කඩුගන්නාවේ නායයාමක්. නුවර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ (VIDEO)

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබේ. මේ හේතුවෙන් නුවර -...

ජාතික ක්‍රීඩාවේ ආධුනිකයන්ට දොර ඇරෙන මන්චි පළාත් තරග ඇරඹෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය...

හැට අට ලක්ෂය යනු සීයට තුන නොවේ ….

මීට අවුරුදු තුනකට කලින් එළියටවත් බහින්න බැරිව හිටපු රාජපක්ෂලා...

සුබ උපන්දිනයක් ‘ජෝ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත්...