*
Sunday, March 16, 2025
spot_img

Latest Posts

රට හරහා දැක ඇමති කී දෑ සහ අපිට ඇමතිට කියන්නට ඇති දෑ

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 15, (LNW)කොළඹ

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන 49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අද (15) නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගනයේ දී ජාතික රට හරහා දිවීමේ සමාප්ත උත්සවයට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ, සියලුම ඉස්සව් වලින්, හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කර, ජාත්‍යන්තරයට රැගෙන යාම වත්මන් රජයේ සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීම සහ අරමුණ බවයි. තවද, ඉදිරියේ දී ,දියුණු , විනයගරුක යහපත් පුරවැසියන් නිර්මාණයට අවශ්‍ය ක්‍රීඩා සංස්කෘතියක් මෙරට ඇති කිරීම වෙනුවෙන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

ක්‍රීඩාව හරහා නිරෝගිමත්, ශක්තිමත් මෙන්ම දියුණු අනාගතයක් සහිත තාරුණ්‍යයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත්, එමඟින් මත්ද්‍රව්‍ය වලට මෙරට තාරුණ්‍යයේ වන බරපතළ පෙළඹීම අඩු කරීමට හැකි වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ජය පරාජය කෙසේ වෙතත් සහභාගී වීම වඩා වැදගත් බවත්, සහභාගී වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ පැතුම් එක් කරන බවයි. මෙරට ක්‍රීඩාවේ වර්ධනය වෙනුවෙන් සියලු දෙනා දායක වනු ඇතැයි තමන් අපේක්ෂා කරන අතර ඉදිරි කාලවල දී පැවැත්වීමට නියමිත, ජාත්‍යන්තර තරඟාවලි කිහිපයක් මෙරටට පැමිණ ඇති බව ද අමාත්‍යවරයා පැවසුවේය.
අමාත්‍යවරයා ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමේදී ස්වාධීනව හැසිරෙමින් අවශ්‍යය නීතිමය පසුබිම සකසා ගනිමින් ඔලිම්පික් කමිටු ලේකම්වරයාට එරෙහිව ගත් තීරණය වැදගත් එකකි.එහෙත් ජාත්‍යන්තරය ඉදිරියේ සමානව සළකා බැලීමක් මෙන්ම ඇගයිය යුතු තැන් ඇගයීමක් හෝ යම් අතපසුවීමක් සිඳුවුවහොත් එය නිවැරදි කිරීමට මැදිහත්වීම කණගාටුව ප්‍රකාශ කිරීම ඇමති මට්ටමෙන් සිඳු නොවිය යුතු බව සිතන බවක් පෙන්වන්නේය.විවේචනය කිරීම සමහර විට ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් විය හැකි බව ද එතුමා අදහස් දක්වන විට පවසන කාරණාවලින් ඒත්තු ගැන් වුණ ද ඇතැම් කාරණා එතුමා හැදෙන්නට නොසිතුවද අහම්භයෙන් හෝ තේරුම් ගතහොත් එයින් ක්‍රීඩාවේ හෙට දවසට වැදගත් වන බැවින් ඔහුගේ කතාව අගට අපටග් මේ කාරණා ද එක් කර තැබිය යුතු බව තීරණය කළේය.


අමාත්‍යවරයා ඉදිරියට පවත්වන්නට යන බව කියන එක් ආසියාතික තරගයක් ගැන මේ මොහොතේ ආසියානු මට්ටමෙන් ඉහළ ප්‍රචාරයක් සිඳුවෙමින් ඇත.රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ගත් තීරණයකට අනුව සංවිධානය වෙමින් පවතින මෙම තරගාවලිය නිසා සමහර විට මේ මොහොතේ මෙරටට සමස්ත ඔලිම්පික් නියෝජනයම අහිමිවීමේ ඉඩක් ද ඇත.රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ ආශිර්වාදයෙන් එම ක්‍රීඩාවේ මුල් පුටුවට පැමිණි සභාපතිවරයෙක් සහ අමාත්‍යවරයා ඒ මොහොතට අදාළව එදා ගත් තීරණය නිවැරදි වුව ද,අද වන විට එය රටේ සමස්ත ඔලිම්පික් ක්‍රිීඩා පද්ධතියටම බල පෑමට හැකි එකක් වී ඇති බැවින් අමාත්‍යවරයා රට වෙනුවෙන් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය.


ඒ ආකාරයටම රටක ක්‍රීඩාවකට එහි ස්වාධීනත්වය ඉක්මවා යම් කලාපීය හෝ ජාත්‍යන්තර සංවිධානයක් කටයුතු කිරීමෙන් අකටයුත්තක් වන්නෙනම් එම තත්ත්වය ද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දක්වා ගෙන යාමේ හැකියාව ද ඇත.ඒ සම්බන්ධයෙන් මෑත කාලයේම උදාහරණ කිහිපයක්ම ඇති අතර සමහර අවස්ථාවලදී පෙනෙන්නට තිබෙන ලස්සනට වඩා නොපෙනෙන වැදගත් දේ බොහෝ තිබෙන බව දුර දිගට කල්පනා කළහොත් අනාගතයට භාර කරන සුවිශාල වරදකට අත නොගසා සිටීමේ හැකියාව ලැබෙනු ඇත.
එසේම අමාත්‍යවරයාගේ ආයතනයක් ලෝකයේ රටවල් 28 ක් සහභාගි වූ ක්‍රීඩා තරගාවලියකදී හැසිරුණ සහ තීරණ ගත් ආකාරය නිසා අත් කර ගත් ලෝක මට්ටමේ කීර්තිය වෙනුවට ලෝක විනාශයකට මුහුණ දෙන්නට ගොස් වැළකිණි.ඒ සම්බන්ධයෙන් පසු විපරමක්,තමන්ගේ ආයතනයෙන් එයින් රටට ඇති ජාත්‍යන්තර කීර්තිය නොසළකා කටයුතු කිරීමේ දුර්වලතාව ගැන කණගාටුව ප්‍රකාශ කිරීමක් වාර්තා වන්නේ නැත.ඇතැම් විට කිසිවෙකු හෝ අමාත්‍යවරයාට වරදක් තමන්ගේ පාර්ශවයෙන් වුව ද,එය වරදක් හැටියට පිළිනොගත යුතු මට්ටමේ බලයක් තනතුර විසින් නිර්මාණය කර තිබෙන බව ඒත්තූ ගන්වා ඇද්ද අපි නොදන්නෙමු.


ඒ අපේ සිහිකැඳවීම සහ මැදිහත් වීම නිමාවේ යළිත් රට හරහා දිවීමේ තරගාවලියට හැරුණු විට පසුගිය වසරවලට සාපේක්ෂව ජාතික රට හරහා දිවීමේ තරඟ ඉසව්ව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙහි ඉහළ අගයක් පෙන්නුම් කරන ලදී. ඒ අනුව එක් පළාතකින් ක්‍රීඩකයින් 10 බැඟින් මෙවර ක්‍රීඩකයින් 88 දෙනෙකුගේ සහභාගීත්වයක් සහ එක් පළාතකින් ක්‍රීඩිකාවන් 6 දෙනෙකු බැඟින් ක්‍රීඩිකාවන් 50 දෙනෙකුගේ සහභාගීත්වයක් මෙවර තරඟාවලියේ දී පැවතිණි.
තරඟ ඉසව් 33 කින් සමන්විත මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල සමාරම්භක ක්‍රීඩා ඉසව්ව ලෙස පැවති මෙම ඉසව්ව වෙනුවෙන් ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ද සහභාගී වූ අතර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා විද්‍යාතනය, ක්‍රීඩා වෛද්‍යාතනය, උත්තේජක මර්ධන නියෝජ්‍ය ආයතනය ආදී ආයතනයන් හි ප්‍රධානීන් ද සහභාගි වී සිටියහ.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan