ඇමෙරිකන් අධිරාජ්‍යයේ සංකේතීය අවසානය ….

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් තෙල් අරන් යන්න දෙන්නේ චීන යුවාන්වලට විතරයි කියල ඉරානේ දැන් කියනවා. ඒකට ප්‍රතිපක්ෂව හෝමුස් නිදහස් කරගන්න ට්‍රම්ප්ට සැලසුමක් නැහැ. හතර වටේට බණිනවා මිත්‍ර රටවල් යුධ නැව් එවන්නේ නැහැ කියල.

එහෙම උදව්කළා උනත් හෝමුස් අනාරක්ෂිතයි. හැම රටකටම තෙල් මිළ බලපාල. හැම ආර්ථිකයකටම මේක දැන් තදින් දැනිල. මොන රටකට උනත් යුද්දයක් දරාගන්න බැහැ. මොකද ගෝලීය පරිභෝජන ආර්ථික වශයෙන් හැමෝම ඉන්නේ අවිනිශ්චිත තැනක.

එකක් නිශ්චිතයි. ට්‍රම්ප් මේ වැටුන වලෙන් ගොඩඑන්න බැරුව දඟලනවා. ඒ එක්කම ඇමෙරිකන් ඩොලර් ඒකාධිකාරය ලෝකයෙන් යන්නම යනවා. මේක චීනයට ඕනි වෙලා තිබ්බේ දැන් ගොඩක් කල්ඉඳන්. එයාල ඔන්ලයින් වේදිකා ගණනාවක් හැදුව ඩොලර් එක මට්ටු කරන්න. ඒක යම් තරමක් සාර්ථක උනා. මේක පැහැදිලිව වරුෆාකිස් චීනයේදිම කිව්වා.

ඩොලර් එක මේ තරම් අපේ අවිඥාණයට ඇතුල් උනේ පහුගිය කාලේ ආපු ඔන්ලයින් වෙළඳාම එක්ක. ඇමසෝන්, ගූගල්, මයික්‍රෝසොෆ්ට්, නිල් චිත්‍රපට වගේ වේදිකා එක්ක අපේ අවිඥානික මුදල් ඒකකය ඩොලර් උනා.

මේක දැක්ක චීනය එයාලගේ මුදල් එකකය වෙච්ච යුවාන් එක්ක ඔන්ලයින් වේදිකා හදනකොට ඇමෙරිකාව දැක්ක මේ එන්නේ අපේ මුදල් ඒකකයට වැඩේ දෙන්න කියල. මේ යුද්දේ උනත් එන්නේ මේ අධිකාරීබව දිගටම පවත්වාගැනීම වෙනුවෙන්. හැබයි දැන් ඇමෙරිකාව පඹ ගාලක පැටලුනා. ඒක ඉරානය විතරක් කරපු එකක් නෙවෙයි කියල දැන් තේරෙනවා. මේ වැඩේ පිටිපස්සේ චීනය සහ රුසියාව ඉන්නවා. සහ ඇමරිකාවේ දැන් තියන අත්තනෝමතික බවට එරෙහිව බටහිරම උනත් පෙළගැහෙන්න පුළුවන්.

මේ යුද්දය විසින් බොහෝ දේ තීරණය කරයි. ඉනුත් විශේෂයෙන් ආසියාවේ අනාගතය චීනය හරහා තීරණය වෙයි.

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව අද ප්‍රහාරයක් එල්ල විය හැකි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ඉරානයට එරෙහිව...

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....