ඩොලරයට වඩා රුපියල ශක්තිමත් වුණොත් ඇමරිකාව අපට බෝම්බ ගහයි ! – හඳුන්නෙත්ති (VIDEO)

Date:

ඇමරිකානු ඩොලරයට වඩා ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇත්නම් ඇමරිකාව ශ්‍රී ලංකාවට හොඳින් සිටින්නට ඉඩ නොදෙන බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“මේ තත්වයට අවුරුද්දක් නෙවෙයි මොහොතක්වත් සහාය දෙන්න හොඳ නෑ. මොකද මේ බොරුවකට. ඔයා හිතනවාද රුපියල ඇමරිකාවට වඩා හොඳින් ශක්තිමත් වෙනවා නම් ඇමරිකාව අපට නිකම් ඉන්න දෙයි කියලා ? ඈ ? එහෙමනම් ඇමරිකාව අපට බෝම්බ ගහයි ! ඇමරිකාවෙ ඩොලර් එකට වඩා රුපියල ශක්තිමත් වෙනවායි කියලා (සිනාසෙයි) …. ඕක හරියට ගත්තොත් අර අශූචි ගොඩක පරිප්පු ඇට හොයනවා වගේ වැඩක් නෙ. නේද ? මේක අශූචි ගොඩක් බව දැනගෙනම හැබැයි ඒගොල්ලො හොයනවා පරිප්පු ඇටයක් හරි තියෙයිද කියලා, අශූචි ගොඩ හොඳයි කියන්න. ඉතින් ශාන්ත බණ්ඩාරලා වෙන මොනවා කියන්නද ?”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ පසුගියදා ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

අනාගත ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක මුදල් අමාත්‍යවරයා වශයෙන් සැලකෙන්නේ ද සුනිල් හඳුන්නෙත්ති මහතා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...

වාහන සිය ගණනක් අනතුරට හෙළු මිචිගන් හිම කුණාටුව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමග...