දැන්වත් සඳළුතලෙන් බැහැල විසඳුම් දෙන්න – ලංකා බැංකු සේවක සංගමය (VIDEO)

Date:

බදු පනතට එරෙහිව අද (15) ලංකා බැංකු සේවක සංගමයේ සාමාජිකත්වය දරන රාජ්‍ය හා පෞද්ගලික බැංකු 18ක් වැඩවර්ජනයට එක්ව සිටින අතර දැන්වත් සඳළුතලෙන් බැස ප්‍රායෝගික විසඳුම් දෙන ලෙස එම සංගමය අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.

එහි සභාපති චන්න දිසානායක මහතා සඳහන් කළේ ජනාධිපති ලේකම්වරයා සමඟ කළ සාකච්ජාවේදී බදු සංශෝධනය කිරීමට එකඟවුවත් ඊයේ පස්වරුව වන විටත් එය ලිඛිතව ලබාදීමට ඔවුන් අපොහොසත් වූ බවයි.

ඒ අනුව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙස නියම කර තිබුණු පරිදි වැඩවර්ජනය ක්‍රියාත්මක කළ බවයි ඔහු කියාසිටියේ.

කෙසේවෙතත් මෙම වර්ජනය කඩාකප්පල්කිරීමට ඇතැමුන් උත්සහ කරමින් තිබෙන නමුත් බදු සංශෝධනය ජයග්‍රහණය කරන තෙක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුකරන බවයි ලංකා බැංකු සේවක සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...